අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාරක සභා රැසක් මෙම සතියේ රැස්වේ

    පෙබරවාරි 22, 2022

    අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය.

    මේ අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වන දිනවල රැස්වීමට නියමිතය.

    තවද අද (22) බලශක්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, කෘෂිකර්ම කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ වනජීවී සහ වනසංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වේ. එසේම (23) කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ ඉඩම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතය.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක්ද අද (22) පැවැත්වීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya