අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

    පෙබරවාරි 21, 2022

    ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට තුර්කි තානාපති ලෙස කටයුතු කරන ඩෙමේට් ශෙකිර්ජිඕලු මහත්මිය හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර හමුවක් පසුගියදා සුහුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදුවිය.

    මෙහිදී ශ්‍රී ලංකාව හා තුර්කිය අතර අතීතයේ සිට පැවතෙන වැදගත් සංස්කෘතික සබඳතා දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීමට හේතු වූ ආකාරය ගැන සාකච්ඡා කෙරෙණි. තවද දෙරට අතර ආර්ථික දේශපාලන හා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණ.

    තුර්කි රාජ්‍ය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඉදිරියටත් සහාය දෙන බව තානාපතිනිය ප්‍රකාශ කළාය.දෙරට අතර පවතින ද්විපාර්ශවීය සබඳතා වර්ධනයට මෙම හමුව මහත් රුකුලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya