මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප ව්‍යාප්තව ඔසු ගොවි ගම්මාන පිහිටුවීම ඇරඹෙයි

    පෙබරවාරි 11, 2022

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජමය සංවර්ධනය මූලික කර ගනිමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්ත ඔසු ගොවි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

    ගුණාත්මක අතින් උසස් ප්‍රමිතිගත දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍යතාවය දේශීයව සපුරාලීමත්, දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විශාල විදේශ විනිමය දේශීයව ඉතිරි කරලීම හා දේශීය ඖෂධීය ශාක වගාව වෙත ජනතාව යොමු කරලීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි.

    මෙම වැඩපිළිවෙලේ දී ප්‍රදේශවලට ආවේණික ඖෂධීය ශාක හඳුනාගෙන එම ඖෂධීය ශාක වාණිජමය වශයෙන් වගාවට යොමු කර ඖෂධීය අමුද්‍රව්‍ය එම ජනතාවගෙන් මිලදී ගැනීමේ පුළුල් ක්‍රමවේදයකින් සමන්විත වනු ලබන අතර මෙම වැඩපිළිවෙල දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එක්ව ක්‍රියාවට නංවා ඇත.

    මෙම ඔසු ගොවි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය අද (11) දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ඉහළ හෙවස්ස, ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී පවත්වනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya