මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින් ඉදිරියට වගා හානි ගෙවීම් අපි ප්‍රමාද කරන්නේ නැහැ - කෘෂිකර්ම අමාත්‍ය

    පෙබරවාරි 10, 2022

    ''යල කන්නයේ සිදුවන හානිය මහ කන්නය වන විට ගෙවා අවසන් කළ යුතුයි. මින් ඉදිරියට වගා හානි ගෙවීම් අපි ප්‍රමාද කරන්නේ නැහැ.”යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ගොවීන්ට සහතිකයක් ලබා දෙයි

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව අවධාරණය කළේ, 2020/21 මහ කන්නයේ ස්වභාවික හේතූන්ගෙන් සහ වන අලි විනාශ කිරීමට ලක්වූ වගා සදහා වන්දි ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින්.

     අදාළ වන්දි ගෙවීමේ කටයුතු නැගෙනහිර පළාත තුළ ආරම්භ කිරීම (08 වෙනිදා) සිදුවුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී.

     මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්තුමන්, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු නිලධාරීන් මෙන්ම වගා හානියට පත් ගොවි ජනතාවගෙන් කොටසක් එක්ව  සිටියේ ය.

     මෙහිදී ස්වභාවික හේතූන් නිසා හානියට පත් වූ මෙන්ම වන අලි හානි කිරීම්වලට ලක් වූ වී, බඩඉරිගු ,සෝයා, අමුමිරිස්, ලොකු ලුණු ,අර්තාපල් යන භෝග වර්ග හය සඳහා රක්ෂණ වාරිකයක් අයකිරීමකින් තොරව වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබේ. වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර 5කට ද, අනෙක් බෝග වර්ග සඳහා අක්කර දෙක හමාරක් සඳහා ද වන්දි ගෙවීම් මෙහිදී සිදු කෙරෙනවා.

     

    මෙහිදී වන්දි ගෙවීමේ ක්‍රියාවලිය වන්නේ ගොවි මහතුන් විසින් වගා හානියක් සිදු වූ විට එම හානිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයක් වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානිය තක්සේරු කොට වන්දි ගණනය කර ගෙවීම් කිරීමයි.

     

    මේ වන විට දිවයිනේ විශාල වශයෙන් හානි සිදුවූ ප්‍රමුඛතම දිස්ත්‍රික්ක සඳහා වන්දි ගොවීන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර, මෙම සතිය අවසන් වන විට 2020/21 මහ කන්නයේ සියලු වන්දි ගෙවීම් සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. දැනට ගණන් බලා ඇති ආකාරයට 2020/21 මහ කන්නයේදී රුපියල් කෝටි 128ක් ක ප්‍රදානයක් ගොවීන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් අතර බෙදා දී ඇත.

     

    ඒ අනුව පූර්ණ හානි සිදුවූ විට ගොවීන්ට අක්කරයකට රු.40,000/= වන්දි මුදලකුත්, ඊට සමානුපාතිකව හානියේ ප්‍රමාණය අනුව වන්දි ගණනයකොට ගෙවිමකුත් සිදු වේ. ඊයේ (08) නිදහස් කරන වන්දි මුදල්වල රු.180,000/= වන්දි මුදල් හිමි ගොවීන්ගේ සිට හානිය සමානුපාතිකව වන්දි හිමිකම් නිරාවරණය කරනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya