මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළගම මධ්‍යස්ථානයෙන් තෙවන එන්නත් අධිමාත්‍රාව ලබාගෙන සැමගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න- අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    ජනවාරි 19, 2022

    රටේ සෑම කෙනෙකුම තමාට ළගම මධ්‍යස්ථානයෙන් තෙවන එන්නත් අධිමාත්‍රාව ලබාගෙන ඔබගේ පවුලේ සැමගේට්, රටේ සෑමකෙනෙකුගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙස සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    තෙවන අධිමාත්‍රාව ලබාදීමට ජනාධිපතිතුමා විහේෂ වෙහෙසක් ගෙන කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, එම තෙවන මාත්‍රා සියල්ලම රටට ලැබී ඇති බවද, අවාසනාවකට මෙන් දැනට තෙවන අධි මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක පමණ ජනතාවක් පමණක් බවද පැවසුවේය.

    මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ලෝකය පුරා පැතිරී යන වකවානුවක සාපේක්ෂ වශයෙන් මෙරට ඉතාම හොදින් එන්නත්කරණ වැඩසටහන හරහා රටේ ජනතාවගේ ජීවිතාරක්ෂාව සැලසීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා ගෞරවපූර්වකව සිහිපත් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya