මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ අදහස් විමසයි

    දෙසැම්බර් 27, 2021

    “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් විමසීම ආරම්භ කරයි.

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට (25) පෙරවරුවේ පැමිණි පළාතේ ආගමික නායකයෝ, ස්වෙච්ඡා සංවිධාන, වෘත්තීයවේදීහු මෙන්ම සාමාන්‍ය ජනතාව කමිටුව හමුවේ අදහස් පළ කළහ.

    පැමිණි පිරිසට ස්තූතිය පළ කළ කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම කාර්යය පිළිබඳ ජනාධිපතිතුමාගේ ඇති උනන්දුව තේරුම් ගෙන ඇති බැවින් නියමිත කාලසීමාවට පෙර කමිටු වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බව පැවසූහ. යම් කාලයක් ගත වුවද සියලු ජන කොටස් වලට සාධාරණය ඉටු වන සහ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට කැප වන බව උන්වහන්සේ අවධාරණය කළහ.

    ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සභාපතීත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි. මීට පෙර උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංචාරය කොට එම එම පළාතේ ජීවත්වන ජනතාවගේ සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයිනම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන සහ පුද්ගලයන්ගේ අදහස් ලබා ගත්හ.

    (27) දින ද මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් ලබා ගැනීම තවදුරටත් සිදු කෙරේ.

    කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක. පහත ලිපිනයට තැපැල් මඟින් හා විද්‍යුත් පණිවුඩ මඟින් ද අදහස් පළ කිරීමට හැකි බව කමිටුවේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය පවසයි.

    කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ සහ පානි වෑවල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

    දුරකථන අංකය - 011 2691775, ලිපිනය - කාමර අංක 3G-19 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya