අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත් ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා ලබාදීමේ දී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගතවන කාලය සති දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම්

    දෙසැම්බර් 26, 2021

    මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් වින්දිතයින් වන බැවින්, ඔවුන් සිර ගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කළ යුතු බවත් මත් ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා ලබාදීමේ දී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගතවන කාලය සති දෙකක් දක්වා අඩු කිරීමට බලාපොරාත්තු වන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

    අධිකරන අමාත්‍යවරයා මේ බව පැවසුවේ,ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමණාකරණ පද්ධතිය, නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජන ගත කිරීමේ අවස්ථාවට(23)අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි

    මෙහිදී තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,
    වැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවයි. විශේෂයෙන් මත් ද්‍රව්‍ය සම්බන්ධව සිදු වන අපරාධ ක්‍රියාවලියේදී මත් ද්‍රව්‍ය ගෙන්වනු ලබන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්, ලංකාව තුළ බෙදා හරින පුද්ගලයින්, සමාජයේ ප්‍රවාහනය කරන්නන්, මෙන්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව පීඩාවට පත්ව සිටින වින්දිතයින් ද සිටින බැවින් ඔවුන් වෙන්ව හදුනා ගත යුතු බවත්, ජාවාරම්කරුවන්ට බෙදා හරින්නන්ට දැඩි දඩුවම් ලබාදීම සිදු කර ඇබ්බැහිව සිටින වින්දිතයින් පුනරුත්ථාපනය කර වෘත්තිය පුහුණුව ලබාදී යහපත් පුද්ගලයින් ලෙස සමාජ ගත කළ යුතු බවත්ය.

    මත් ද්‍රව්‍ය සම්බන්ධව වාර්තා ලබාදීමේ දී මාස 8 ක පමණ කාලයක් ගත වු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමේ කාලය මසක කාලයක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවත්, එය සති දෙකක කාලයක් දක්වා අඩු කිරීම බලාපොරෙත්තු වන බවත්, රස පරීක්ෂක වාර්තා අඩු කාලයකින් ලබාදීමේ ක්‍රමවේදය මගින් අදාළ පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාර්යක්ෂම කිරීමට හැකි බවත්, එම දෙපාර්තමේන්තුවේ ධාරිතාව උපරිම වශයෙන් වැඩි කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා කීවේ ය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිරකරුවන් යොමු වීම මගින් ඇති වන තදබදය අවම කිරීම සදහා සුළු වැරදි කළ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුව සමාජ ගත කර පසු අධීක්ෂණය කරමින් සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීම මෙම දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

    1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝදන පනත මගින් ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති අතර දෙපාර්තමේන්තුව වසර 22 ක පමණ කාලයක් තුළ සුවිශේෂි සේවාවක් සිදු කර ඇති අතර මේ දක්වා ආඥාලාභීන් සඳහා අන්තර්ජාල දත්ත තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර නොතිබුණි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපරාධ සහ මත් ද්‍රව්‍ය වැළැක්වීමේ ඒකකයේ සුවිශේෂි දායකත්වයෙන් ප්‍රජාපාදක විශෝදන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමණාකරණ පද්ධතිය, නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජන ගත කිරීම සිදු වු අතර, ප්‍රජා පාදක විශෝදන ක්‍රියාවලිය පිළිබඳ මාර්ගෝපදේශ අත්පොත අධිකරණ අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්.සිල්වා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්ච්, ප්‍රජා පාදක විශෝදන කොමසාරිස් නීතිඥ දිලාන් ගුණරත්න, එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ කාර්යාලයේ ජාතික වැඩ සටහන් නිලධාරී අනුෂා මුණසිංහ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනී වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආර්.පී.එස්.සමන් කුමාරි, තුෂාර සුරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ හා ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya