මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පර්යේෂණ ආයතන පනත බලාත්මක කිරීමෙන් එය තවදුරටත් නියාමන බලතල සහිතව ශක්තිමත් වනු ඇත- ආරක්‍ෂක ලේකම්

    දෙසැම්බර් 15, 2021

    පර්යේෂණ ආයතන පනත බලාත්මක කිරීමෙන් එය තවදුරටත් නියාමන බලතල සහිතව ශක්තිමත් වනු ඇතැයි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ''11 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය - 2021 '' ඊයේ(14) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ආරම්භ විය.

    එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.

    “Innovation Geared Building Resilience” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම දෙදින සම්මන්ත්‍රණයට පැමිණි ආරක්‍ෂක ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන මහතා විසින් පිළිගන්නා ලදි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික් මහතා ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මෙහි මුලසුන හෙබවූහ.

    විවිධ අපදා වලින් මියගිය අයවලුන් සිහිකිරීම සඳහා විනාඩියක නිහැඩියාවක් පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ විය.

    පර්යේෂකයන්, ආපදා කළමනාකරණ වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ දේශීය හා ජාත්‍යන්තර ආයතනවල කීර්තිමත් විද්වතුන් සහභාගීවූ මෙම අවස්ථාව සඳහා තවත් බොහෝ පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී විය.

    සමාරම්භක වැඩසටහන අතරතුර, ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් සඳහා තාක්‍ෂණික මාර්ගෝපදේශ පිළිබද “Technical Guidelines for Disaster Resilient Construction” නම් ග්‍රන්ථය එළිදැක්වීම සහ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීම සඳහා අලුතින් හඳුන්වා දුන් සේවාවක් වන “Real Time Landslide Early Warning Dissemination” ජංගම දුරකථන යෙදුම දියත් කිරීමද මෙහිදී සිදුවිය.

    ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ධාරිතාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, යෝජිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත බලාත්මක කිරීමත් සමඟ එය තවදුරටත් නියාමන බලතල සහිතව ශක්තිමත් කරන බවත් උත්සව සභාව අමතමින් ආරක්‍ෂක ලේකම් පැවසීය.

    කාලගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් ආපදා කළමනාකරණය කාලීන ගැටලුවක් බවත්, ස්වාභාවික හේතුන් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරියේදී මෙම තත්වය තවත් තීව්‍ර වීමට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

    විද්‍යාත්මක පර්යේෂණ සහ නවෝත්පාදනයන් මගින් අවදානම් අවම කිරීමේ ප්‍රතිචාරයන් දැක්වීම, අවදානම් අවම කිරීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය වැඩි දියුණු කිරීම මගින් ආපදා අවදානම අවම කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර, ජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන පර්යේෂණ, සංවර්ධන සහ තාක්‍ෂණ නියෝජිතායතනය ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ආපදා කළමනාකරණය, නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල තාක්‍ෂණික මගපෙන්වීම, රට තුළ ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමේ අරමුණින් ආපදාවලට ඔරොත්තු දෙන නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම ආදී විශාල කාර්ය භාරයක් සිදුකරන බව ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආපදා අවදානම් අවම කිරීමේ පූර්ව නිශ්චිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දායකත්වය සහ ආන්තික කාලගුණික තත්වයන් නිසා ඇති වන ආපදා වලදී, රජයට කෙටි කාලයක් තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබාදීම පිළිබඳ ඔහු අගය කළේය.

    රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයේ දී ආපදා වලට ඔරොත්තු දීමේ හැකියාව විධිමත් කිරීමේ සාමූහික ක්‍රියාමාර්ගයේ වැදගත්කම අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී අවශ්‍ය අවස්ථාවලදී සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජාතික ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයේ සහ අනෙකුත් රේඛිය ආයතනවල සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම උත්සවයේ දී ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන මහතා විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. ප්‍රධාන දේශනය නවසීලන්තයේ වෙලින්ටන්හි සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉංජිනේරු මයික් ස්ටැනර්ඩ් මහතා විසින් සිදු කරන ලදි.

    මෙම අවස්ථාවට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ රේඛීය ආයතන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya