මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවලපිටියේ නිෂ්පාදිත මිරිස් බීජ මිලදී ගැනීමට වැඩපිළිවෙලක්

    දෙසැම්බර් 14, 2021

    නාවලපිටියේ ආරම්භ කළ ප්‍රථම ආදර්ශ කෘෂි ගම්මානයේ නිෂ්පාදනය කළ මිරිස් බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා (11) ගන්නොරුව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

     

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී මිරිස් බීජ නිෂ්පාදනයට සම්බන්ධ ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නාවලපිටිය කළුගල්හින්න හා දෙකිඳ ආදර්ශ කෘෂි ගම්මාන සඳහා ආරක්ෂිත ගෘහ 60ක් ලබා දීමටත් ඔවුන්ට ලංකා බැංකුව මඟින් කෘෂිකාර්මික ණය මුදල් ලබා දීමටත් අවධානය යොමු කෙරිණ.

    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා, ලංකා බැංකුවේ මහනුවර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya