මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප‍්‍රිකානු රටවල් කීපයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරේ- අවුරුදු 12 පහළ සංචාරකයින් සඳහා PCR පරීක්ෂණ වාර්තා අනවශ්‍යයි ‐ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    දෙසැම්බර් 13, 2021

    දකුණු අප‍්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා එස්වතිනි යන අප‍්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා වහාම ක‍්‍රියාත්මක වෙන පරිදි ඉවත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප‍්‍රකාශකර සිටී.

    මීට පෙර 2021 නොවැම්බර් 26 වන දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කළ නිවේදනයක් මගින් ඉහත කී රටවලින් පැමිණෙන මගීන් සඳහා සංචරණ සීමා පනවා තිබිණ.

    මීට අමතරව මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් කොවිඞ් රෝගයට සම්බන්ධ සියලු තොරතුරු එනම් ලබාගත් එන්නත් පිළිබඳ වාර්තා, කෝවිඞ් වැළදී නොමැති බවට තම ගමන පිටත් වීමට පෙර ලබාගත් වාර්තා, විදේශ ගමන් බලපත‍්‍රයේ දත්ත පිටුව ආදිය මාර්ගගත කර ඇති බවට සහතික කර දැනගන්නා ලෙස කටයුතු කරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

    තවද ඔහු විසින් දැනුම් දී ඇත්තේ මෙරටට පැමිණෙන මගීන් විසින් තම තමන්ගේ සෞඛ්‍ය පිළිබද තොරතුරු ප‍්‍රකාශයක් පැමිණීමේ කවුළුවේදී මාර්ගගත ක‍්‍රමය ඔස්සේ උඩුගත කිරීම අනිවාර්ය බවයි. එසේ පැමිණෙන මගීන් තම තමන්ගේ කේත අංකයේ මුල් කොපිය සංතකයේ තිබිය යුතු හෝ එහි පරිලෝකනය සිය ජංගම දුරකථනයේ තැන්පත් කර තිබීම අනිවාර්ය වේ. මේ අතර මෙම නව රෙගුලාසි 2022 ජනවාරි පළමුවනදා සිට බලපැවැත්වෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විිසින් දන්වා තිබේ.

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දන්වා සිටින්නේ වයස අවුරුදු 12 අඩු ළමුන් මෙරටට පැමිණීමේ දී ගමනාරම්භයට පෙර ලබාගෙන ලංකාවේ ගුවන්තොටුපලේ දී කෝවිඞ් 19 වැළදී නොමැති බව තහවුරු කිරීමට ඉදිරිපත්කළ යුතුව තිබූ වාර්තා දැන් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවද වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලු මගීන් විසින් තමා ගමනාරම්භයට පෙර පැය 72 තුළ ලබා ගන්නා ලද රෝගය වැළදී නැති බව සනාථ කිරීමට ඉංග‍්‍රිසි භාෂාවෙන් ලබාගන්නා ලද මෙම වාර්තා පෙර පරිදිම මෙරට ගුවන් තොටුපලේදී අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.

    තවද යම් මගියෙකුට පසුගිය මාස තුන තුළ කෝවිඞ් රෝගය වැළඳී ඇත්නම් එබඳු මගීන් තම ගමනාරම්භයට පැය 48 ඇතුළත කෝවිඞ් නොමැති බවට ලබා ගන්නා ලද ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් සංතකයේ රැගෙන ආ යුතුය. එසේම එබදු මගීන් තමාට කෝවිඞ් රෝගය වැළඳී තිබූ බව තහවුරු කිරීම සදහා ඉංග‍්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද රෝග විනිශ්චය කාඞ්පත හෝ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළයුතු වේ.

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya