මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 වන විට මෙරට කිරි නිෂ්පාදනය 80%කින් වැඩිකිරීමට බලාපොරොත්තු වෙනවා - කෘෂිකර්ම ඇමති

    දෙසැම්බර් 10, 2021

    2024 වන විට මෙරට කිරි නිෂ්පාදනය අවම වශයෙන් 80%කින් වැඩිකිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, ඊයේ(09) කොළඹ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති කිරෙන් සපිරි රටක් සෞභාග්‍යමත් හෙටක් යන තේමාවෙන් 2022 කිරි සංග්‍රාමය නොහොත් 2022 කිරි නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනෙදී අඳහස් දක්වමිනි.

    ''සෞභාග්‍යයේ දැක්ම''හි ප්‍රධාන වශයෙන්ම පශුසම්පත් ක්ෂේත්‍රයේ මූලික අරමුණු ද්විත්වයක් ලෙස රට දියර කිරි වලින් ස්වයංපෝෂිත කිරීමත්, මෙරට දියර කිරි ප්‍රචලිත කිරීමත් දක්වා ඇතැයිද, කිරි වලින් ස්වයංපෝෂිත කිරීමට අප රටේ ජාතික කිරි අවශ්‍යතාවය 722,000ක් වන බවද, ඉන් 40%ක් අප රටේ නිෂ්පාදනය වන අතර 60%ක් කිරි පිටි ලෙස පිට රටින් ආනයනය කරන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    ඒ අනූව දිනකට ඇමරිකානු බිලියන 01ක පිටි ආනයනය කරන බවද, අපගේ දෛනික කිරි නිස්පාදනය ලීටර් බිලියන 1.2ක් වන අතර ඉන් ලීටර් ලක්ෂ 05ක් පමණක් දියර කිරි පරිභෝජනය කරන බවද කිරි පිටි ප්‍රචලිතය අවම කර දියර කිරි භාවිතය වැඩි කිරීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබද මෙම වැඩසටහන මගින් දැනගත හැකි වෙතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

    කිරි නිෂ්පාදනය වැඩි කිරීම සදහා පෞද්ගලික අංශයද සම්බන්ධ කරගෙන මහා පරිමාණ ගොවිපොළවල් මෙරට ඉදි කිරීමට බලාපොරොත්තු වන බවද, කිරි හරක් 15,000ක් හෝ මහාපරිමාණ ව්‍යාපෘති වලට ආනයනය කර වැඩ ඇරඹීම ඉලක්කය වන බවද පළමු අදියර ලෙස සතුන් 4800ක් ආනයනයට ඉඩම් ලබාදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ලබන අවුරුද්දේ පළමු සතුන් තොගය මෙරටට එන අතර, මේ වසරේ සතුන් කුඩා ප්‍රමාණයක් (180ක්) ගෙන්වා ඇතැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

    බඩඉරිගු වගාවට වියළි කලාපයෙන් ඉඩම් ලබාදෙන බවද, මෙම ව්‍යාපෘතීන් සදහා අවශ්‍ය අනුමැතීන් සහ අවසර මසක් ඇතුළත ලබාදෙන බවද පැවසූ අමාත්‍යවරයා, මහා පරිමාණ ගොවිපොලවල් සෑදීමට කැමති ආයෝජකයන් සිටීනම්, ඊට පළාත් සභා කැමැත්ත පළ කරයි නම්, අමාත්‍යංශයට එයට දායකත්වය ලබාදිය හැකියැයි පැවසුවේය.

    2022 කිරි සංග්‍රාමය යටතේ කිරිගොවි පවුල් 9420ක් සවිබල ගැන්වීම, කිරි ගවයින් 70,000කගේ පෝෂණය කඩිනමින් ඉහළ නැංවීම, 2022 වසරේ ජාතික නිෂ්පාදනයට කිරි ලීටර් මිලියන 50ක් එක් කිරීම, රුපියල් මිලියන 3500ක් ජාතික ආදායමට ඒක් කිරීම, නව අභිජනන ගොවිපොළ 25ක් ස්ථාපිත කිරීම, ජංගම දියර කිරි බෙදාහැරීමේ රථ 337ක් සේවයට එක් කිරීම, පිටි කිරි වලින් දියර කිරිවලට ජන මනස හුරු කිරීම, ජාතියේ කිරිගොවීන් ඇගයීම සහ සම්මාන ප්‍රදානය මෙන්ම කිරි සංග්‍රාමයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීම සිදුකරීමට අපේක්ෂිත බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ද අඳහස් දක්වමින් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya