මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහයෝගය - කෘෂි ඇමති

    දෙසැම්බර් 09, 2021

    ජනාධිපතිවරයා විසින් පත් කර ඇති හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතුවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ගේ පූර්ණ වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

    හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හා එම මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(8) පස්වරුවේ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් ⁣කළේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

    සාකච්ඡාව ආරම්භයේදීම කාබනික කෘෂිකර්මාන්ත⁣යේ මෙතෙක් ⁣ගමන් මඟ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කීරිමක් සිදු කරනු ලැබීය.

    සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකර ආහාර සුරක්ෂිතාව සඳහා රජය ප්‍රකාශයට පත් කර ඇති හරිත කෘෂිකර්ම වැඩසටහන වඩා කාර්යක්ෂමව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට මෙවැනි ක්‍රියාන්විතයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සිය සතුට ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක් වූ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නේ, මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නඟා ඇති කාබනික කෘෂිකර්මාන්තයට සහය වී එහි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමට මෙම ක්‍රියාන්විතය පිහිටුවා ඇති බවය. ඒ අනුව (9) සිට මෙම මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරන බවද ඊට සියලුදෙනාගේ සහය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya