මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය බිඳවැටීම් කඩාකප්පල්කාරී වැඩක්ද යන්න සම්බන්ධයෙන් රජයේ අවධානය - අමාත්‍ය රමේෂ් පතිරණ

    දෙසැම්බර් 07, 2021

    විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත්,මෙය යම්කිසි කඩාකප්පල්කාරී වැඩක්ද යන්න සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බවත්,මෙම පරීක්ෂණ තොරතුරු ලැබීමෙන් පසුව නිසි නිගමනයක්
    ලබාදීමට හැකියාව ඇති බවත්,සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (දෙසැම්බර් 07) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සමස්ත දිවයිනේ ම එකවර සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඉදිරිපත් කළ පැණයකට පිළිතුරු දෙමිනි.

    මෙහිදී පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරි වසර තුළදී මෙරට විදුලි බල පද්ධතියේ ධාරිතාවයෙන් 75%ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ සම්බන්ධ ආයෝජන විශාල ප්‍රමාණයක් රට තුළ පෙළගැසී තිබුනද කඩිනමින් ඒ සඳහා අනුමැතිය ලබානොදෙන තත්වයක් තිබෙන බවත්, විදුලි බල ඉංජිනේරුවන් සහ විදුලි බලය සම්බන්ධව කටයුතු කරන වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට කරුණු පැහැදිළි කර මෙම ව්‍යාපෘති පටන්ගැන්මට කටයුතු කරන බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya