මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෑස් සමාගම් පාරිභෝගික අධිකාරිය සිදු කළ නියෝගවලට අනුගතවෙමින් ගෑස් සැපයීමට පියවර

    දෙසැම්බර් 07, 2021

    ගෘහස්ත ගෑස් පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට ගෘහස්ත ගෑස් සැපයීමේ ප්‍රධාන සමාගම් දෙක වන ලිත්රෝ සමාගම සහ ලාෆ් ගෑස් සමාගම ආනයනය කරන ලද ප්‍රමිතියට අනුකූල ගෘහස්ත ගෑස් පමණක් සැපයීමට කටයුතු
    කර ඇති බවත්, ගෑස් කාන්දුවක් පූර්ව දැනගැනීම පිණිස එකතු කරනු ලබන ගන්ධයක් වහනය වන රසායිනිකයක් වන එතිල් මර්කැප්ටන්  රසායිනිකය ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත්, සමුපකාර සේවා,
     අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (දෙසැම්බර් 07) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ පැණයකට පිළිතුරු දෙමිනි.

    පාරිභෝගික අධිකාරිය කරන ලද නියෝගවලට අනුගතවෙමින් ගෑස් සැපයීමට එම සමාගම් කටයුතු කර ඇති බවත්, අදාළ සමාගම්හි නිෂ්පාදන ක්‍රියාවලිය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ නිරන්තර ඍජු අධික්ෂණයට භාජනය කිරීමට කටයුතු කරන බවත්, ඒ සියලු කටයුතු අවසන් වීමෙන් පසුව පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ප්‍රකාරව එම සමාගම්දෙක මගින් නව ස්ටිකරයක් ගෑස් සිලින්ඩරවල ඇලවීමට කටයුතු කර ඉන් අනතුරුව පමණක් වෙළඳපොලට නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඊයේ (දෙසැම්බර් 06) සිට ආරම්භ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව මින් ඉදිරියට සමාගම් දෙකම ආනයනය කරන ගෑස් ගොඩබෑමට පෙර ගෘහස්ත ගෑස් ගෙනඑන නැවටම රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ගොස් නියැඳි ලබාගෙන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රසායනාගාර
    පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එම රසායනාගාර පරීක්ෂණයෙන් එළැඹෙන නිගමන අනුව නිවැරදි ප්‍රමිතියට අනුව එම ගෑස් ආනයනය කර ඇත්නම් පමණක් ගෑස් රටතුළට ගෙන ඒමට හැකි වන සේ නියාමනය කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශය සති දෙකක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බවත්, එම කමිටුව ගෘහස්ත ගෑස් සමාගම් දෙකෙහි නිරීක්ෂණය කළ බවත්, තවත්
    සතියක් තුළ කමිටුවේ නිර්දේශ ලබාදෙනු ඇති බවත්, ජනාධිපතිවරයා මෙම නිර්දේශ යටතේ කටයුතු කිරීමට අදාළ රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙනු ඇති බවත් ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    ගෑස් සමාගම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් කිසිදු අවස්ථාවක පසුබට නොවන බවත්, සමාගම්වලට වාසි වන ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට නිසි කරුණු එකතු කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya