මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සියලු සුබසාධන කටයුතු ශ්‍රී ලංකා සහ පකිස්තානු රජයේ මැදිහත්වීමෙන් -සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    දෙසැම්බර් 07, 2021

    පසුගියදා පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සියලු සුබසාධන කටයුතු ශ්‍රී ලංකා සහ පකිස්තානු රජයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දු කළ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    ජනාධිපතිතුමා,අගමැතිතුමා ඔහුගේ අභාවය පිළිබදව ශෝකය පළ කළ අතර   ප්‍රියන්ත කුමාර මහතා විසින් වසර 11ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන ලද දායකත්වය සැළකිල්ලට ගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණ භාවයට පත් එම ආදරණීය බිරිද සහ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් මානුෂීය පදනම මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුභසාධන අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් වහාම ප්‍රදානයක් ලෙස ලබාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවූ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya