මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

    දෙසැම්බර් 07, 2021

     වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කරයි.

    ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපතිවරයා ද වෙයි.

    2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසුවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya