මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු නැවත ඇරඹේ

    දෙසැම්බර් 07, 2021

    සපුගස්කන්ද තෙල් තෙල්පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භය - දෙසැම්බර් 7

     

    ලංකා ඛනිජ තෙල් සංස්ථා තෙල්පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කිරීම අද (2021 දෙසැම්බර් 7 වන අඟහරුවාදා) පෙරවරු 10ට සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේදී සිදුවේ.

    බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වමින් වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (7) පෙරවරු 10ට සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේදී නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි .

    දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට පොරොන්දු වෙමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනිදා තාවකාලිකව වසා දැමූ අතර එම පොරොන්දුව ඉටු කරමින් එය වසා දැමීමෙන් 22 වැනි දිනයේ නැවත බොරතෙල් පිරිපහදු කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya