මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති විරෝධතාවේ නිරත විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් හමුවෙයි

    දෙසැම්බර් 06, 2021

    ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ ඔවුන් සමඟ සුහඳ කතාබහක නිරත විය.

     

    විරෝධතාවයක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසීය .


    ඉතිහාසයේ තමන් සමඟ දේශපාලන සටන් වලට එක්වූ මන්ත්‍රීවරුන් දෙස බැලූ අග්‍රාමාත්‍යතුමා අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ඔවුන් සමඟ සිහිපත් කරමින් එතැනින් නික්ම ගියේය.


    සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යතුමා සමඟ සුහඳ කතාබහක නිරත වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya