මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකියි - නීතීඥ ඩී.කලංසූරිය- සභාපති, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව.

    දෙසැම්බර් 06, 2021

    භාෂා අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ ඩී.කලංසූරිය මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී අදහස් දක්වමිනි.

    භාෂාව පුද්ගලයාගේ ආත්මය වහයෙන් හදුන්වන බවද, ක්‍රිස්තු පූර්ව 03 වන සියවසේදී ප්‍රථමයෙන් භාෂාව පිලිබදව භාහුමීය අක්ෂර සොයාගැනීමත් සමග භාෂාවේ ක්‍රමික විකාශනය සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

    රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපන කරන ලද කොමිෂන් සභාවකි. ජනාධිපති විසින් පත්කරන සභාපති ඇතුලු සාමාජිකයින් සය දෙනෙකුගෙන් කොමිෂන් සභාව සමන්විත වෙයි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් මෙම කොමිෂන් සභාවේ ලේකම් ලෙස නිල බලයෙන් කටයුතු කරනු ලබයි.

    රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ විෂය පථයට ගැනෙන පොදු ආයතන වශයෙන් අමාත්‍යංශ හෝ දෙපාර්තමේන්තු, පොදු සංස්ථා හෝ ව්‍යවස්ථාපිත ආයතන, පළාත් සභා හා පළාත් පාලන ආයතන, රජය සතු සමාගම් හා වෙනත් ව්‍යවසායන් හැදින්විය හැක.

    සිංහල සහ දෙමළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන අතරඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වෙයි. සිංහල සහ දෙමළ ජාතික භාෂාවන් වන අතර මේ නිසා පාර්ලිමේන්තුවේ පළාත් සභා වල සහ පළාත් පාලන ආයතන වල සභා කටයුතු සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් සිදුකිරීමේ හැකියාවක් පවතියි.

    පොදු ආයතනයක් විසින් යම් රාජ්‍ය භාෂාවක (සිංහල/දෙමළ) තරාතිරම පිළිනොගන්නා අවස්ථාවකදී, යම් පොදු ආයතනයක් විසින් පරිපාලන භාෂාව, ඉගැන්වීමේ භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව හා ජාතික භාෂා භාවිතය පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ප්‍රතිපාදන අනුගමනය නොකරන අවස්ථාවකදී, මෙන්ම කුමන හෝ භාෂාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනත, රීතියක, නියෝගයක, නිවේදනයක සදහන් ක්‍රියාමාර්ගයම් පොදු ආයතනයක් අනුගමනය නොකරන අවස්ථාවකදී ඕනෑම අවස්ථාවක රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පැමිණිලි කළ හැක.

    මෙහිදී තැපැල් මාර්ගයෙන්, 1956, 071 9521 436, 076 1477 833 අංක ඔස්සේ දුරකතනයෙන්, ෆැක්ස් මාර්ගයෙන්, විද්‍යුත් තැපෑල මගින් සහ කොමිසම වෙත පැමිණීමෙන් පැමිණිලි කිරීමේ හැකියාව පවතී.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya