අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම අරඹයි

    නොවැම්බර් 21, 2021

    “එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ.


    අද (21) යාපනය වාලම්පුරි ශාලාවේ දී අදහස් විමසීම සිදු විය. නීතිඥයන්, වෘත්තිකයන්, ආගමික නායකයන්, ශිෂ්‍යයන් සහ සිවිල් ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක නොවීමට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දක්වනු ලැබීය. හෙට (22) මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලදී ජනතාව හමු වන බවත්, ඉදිරියේදී දිවයිනේ සෙසු පළාත් 8 ද ආවරණය කරමින් ජනතා අදහස් විමසීම සිදු කෙරෙන බවත් කාර්ය සාධක බලකාය පවසයි.

     

    වව්නියාව බෝගස්වැව ''උතුරු පළාත් කාබනික ආහාර නිපදවන්නන්ගේ සමිති'' කාර්යාලයේ දී සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ දිනයේ අදහස් විමසීම සිදු කෙරිණ.

    මෙම ප්‍රදේශවල පදිංචි විවිධ ජන කොටස් නියෝජනය කරමින් පැමිණි පිරිස් බලකාය හමුවේ අදහස් දැක්වූහ. දීර්ඝ කාලයක් තිස්සේ තම සිත් තුළ පැවති අදහස් බලකාය හමුවේ ප්‍රකාශ කළ ජනතාව මෙවැනි අවස්ථාවක් ලබාදීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිය ප්‍රණාමය පළ කළහ.

    ජනතාවගේ අදහස් දැක්වීම අගය කළ බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ “එක රටක්, එක නීතියක්” යන්න යථාර්තයක් බවට පත් කිරීමට අධිෂ්ඨානශීලිව කැප වන බව පැවසූහ. මහාචාර්ය ශාන්ති නන්දන වීරසිංහ, අයියම්පිල්ලෙයි ආනන්ද රාජා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ, කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාව තුළ “එක රටක්, එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරණ අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් මෙම කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණි. 2021 නොවැම්බර් 30 වෙනිදා දක්වා

    ලේකම්,
    “එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
    තැ.පෙ. 504
    කොළඹ.


    යන ලිපිනය මගින් මෙන්ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කමිටුව වෙත අදහස් දැක්විය හැකි අතර, අද සිට පෞද්ගලිකව ද කමිටුව වෙත අදහස් ලබාදිය හැකි බව කමිටු ලේකම්වරිය සඳහන්
    කළාය.  

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya