මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති කර්මාන්ත ඇමති හමුවෙයි

    නොවැම්බර් 17, 2021

    ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් (ඊයේ 16) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ප්‍රථමයෙන් නව කියුබානු තානාපතිවරයාට අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක්කළේය. ජාතික නිදහස් පෙරමුණ ලෙස තානාපතිවරයාට ඉදිරියේදී අවශ්‍ය සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති දීර්ඝකාලීන මිත්‍රත්වය ඉදිරියටත් පවත්වා ගැනීම සිය අරමුණ බවත් ජාතික නිදහස් පෙරමුණ සහ කියුබාව අතර තවදුරටත් බැදීම් තරකර ගැනීමට තමන් සුදානම් බවත් නව තානාපතිවරයා ප්‍රකාශ කරන ලදි. කියුබාවේ පොල් වගාව ආශ්‍රිත කර්මාන්තය දියුණු කර ගැනීම වෙනුවෙන් තානාපතිවරයා කර්මාන්ත අමාත්‍යවරයාගේ සහාය ඉල්ලා සිටි අතර ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකාවේ බ‌ොලිවේරියානු සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස යන මහත්වරු ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya