අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'වසංගත අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් අයවැයෙන් පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි''

    නොවැම්බර් 01, 2021

    ලබන අයවැයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ සංවාදයක් පසුගිය දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

    ආර්ථික විශේෂඥ මහාචාර්ය සිරිමල් අබේරත්න, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ජර්මන් ආර්ථික විශේෂඥයෙකු වන යූස්ටස් ලෙන්ස් යන මහත්වරු මීට සහභාගි වූහ.

     

    නෙක්ස්ට් ජෙන් සංවිධානය සහ ජර්මනියේ ෆ්‍රෙඩ්‍රික් නවුමාන් පදනම විසින් මේ වැඩසටහන සංවිධානය කරන ලදී. වසංගතයත් සමග පැමිණි අභියෝග ජයගෙන නව ආර්ථික මාවතක ශ්‍රී ලංකාව ගෙනයාමේ වැදගත්කම පිළිබඳ මෙහිදී කරුණු අවධාරණය කෙරිණි.

     

    සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගෙන ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ 2022 අයවැයත් සමග හඳුන්වා දෙනු ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොට්ටාල මහතා පැවසුවේ මේ මොහොතේ ලංකාවට වඩාත් ම අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය බවයි.

     

    වසර 10 ක් තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීම සඳහා අත්තිවාරම සකස් කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය. එමෙන් ම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන දුෂ්කරතා වලට විසඳුම් ලබා දී වඩාත් සරල ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා අධිකරණ අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයක් සමග ආයෝජන මණ්ඩලය කටයුතු කරන බව ද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාව ඉක්මනින් ම වසංගත මානසිකත්වයෙන් එළියට පැමිණ නව අවස්ථා සෙවිය යුතු බවත් විශේෂයෙන් ම ආයෝජකයන්ට බලපාන විවිධාකාර ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අංශයෙන් ධාරිතාව වැඩි කර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    එමෙන් ම මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කළේ මිල පාලනය ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග පුළුල් ආර්ථික ප්‍රතිසංකරණ සමග ක්‍රියාත්මක විය යුතු බවයි. ෂ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න දිගුකාලීන ඒවා බව පැවසූ අබේරත්න මහතා ඒවාට කෙටිකාලීන විසඳුම් නොමැති බව ද අවධාරණය කළේය.

     

    විශේෂයෙන් ම දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමට නම් දේශීය නිෂ්පාදකයාට මුහුණ දීමට සිදුවන සැබෑ ප්‍රශ්න මොනවාදැයි හඳුනාගෙන ඊට විසඳුම් සෙවියයුතු බවට ද මහාචාර්යවරයා අවධාරණය කළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කොට ඵලදායීතාව වැඩිකර ගැනීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවයි. ජර්මනියේ ආර්ථික විශේෂඥයෙකු වන යූස්ටස් ලෙන්ස් මහතා මෙම සැසිවාරයේ ප්‍රධාන දේශනය සිදු කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya