මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ

    ඔක්තෝබර් 29, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ.

    කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය ඊයේ (28) විවෘත කළේ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.


    කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ඇඨ්V වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය  කළේ ය.

    මෙරට මුල්ම AVT ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබේ. එය කළුගල් කඳු අතර සැකසුනෙකි. අද කොළඹ වරාය නගරයේ විවෘත
    කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන AVT ධාවන පථය මෙරට බිහිවුනු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම
    ප්‍රතිපත්තිමය ප්‍රකාශයේ ද මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා සහිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව සඳහන් වේ. මෙය ඒ සඳහා මූලාරම්භයක් බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya