මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගරුතර සඟරුවන වෙනුවෙන් වන උත්තරීතර විභාග ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් කළ යුතුයි - අධ්‍යාපන අමාත්‍ය

    ඔක්තෝබර් 29, 2021

    ගරුතර සඟරුවන වෙනුවෙන් වන උත්තරීතර විභාග ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 26 දින නිරීක්ෂණ චාරිකවට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    ගරුතර සඟරුවන වෙනුවෙන් වන උත්තරීතර විභාග ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ පිළිගන්නා වූ තත්ත්වයන්ට ගෙන ඒමට ජාත්‍යන්තර අධ්‍යාපන එකගතා ගිවිසුම් මඟින් පැමිණිය යුතුයි. ඒ සඳහා සුවිශේෂ පිළිගැනීම ජාත්‍යන්තරව ලබා ගැනීමේ ප්‍රශ්ණයක් පවතිනවාද යන්න වග, එයට අප මැදිහත්විය යුතු කාලය තමයි පැමිණ තිබෙන්නේ. එසේත් නොමැති නම් මේ පවතින ක්‍රමයටම නිරන්තරයෙන් ගමන් කරනවා.

    මෙම විශ්ව විද්‍යාලය සුවිශේෂී ස්වාධීන විශ්ව විද්‍යාලයක් හැටියට බලතල ලැබිම නිසයි පාර්ලිමේන්තුවේ වෙනම පනතකින් සම්මත කළේ. ඒ නිසා මෙහි අවශ්‍යතාවයන් එකතු කොට පාර්ලිමේන්තුව තුළින් තවත් ශක්තිමත් කරනවා. විශේෂයෙන් ඉතාම ආදර්ශමත් විශ්ව විද්‍යාලයක් බවට පත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ලොවටම අද බුදු දහමේ මඟ අනුගමනය කිරීමේ වුවමනාව පවතිනවා. ථේරවාද බුදුදහම පවතින අනෙකුත් රටවල් ඒ වෙනුවෙන් බොහෝ රටවල් වලට ගමන් කරලා තියෙනවා. ඒ සඳහා ඇමරිකාවේ විශ්ව විද්‍යාල රාශියක් විශ්ව විද්‍යාල ලෙස නොව අධ්‍යයන ආයතන හැටියට ඇති වෙමින් පවතිනවා, වෙනත් රටවල්වල සහයෝගය ද ඇතිව. ලෝකයේ ජීවන රටාවේ අපි හිතපු මාර්ග කඩා වැටෙමින් තියෙනවා. බුදු දහම තමයි ඔවුන් විසින් සොයන මඟ.

    පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය කියන්නේ සුවිශේෂී විශ්ව විද්‍යාලයක්. ඉතිහාසයත්, උරුමයත් ආරක්ෂා කර ගත හැකි ී අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක්. මෙය ස්ථාපනය සඳහා මුල්වූ අතිපූජ්‍ය වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ අපට ආශ්‍රය කරන්නට ලැබීම මහත් පිනක්. උන් වහන්සේ ලෝ පතල ධර්ම දූත මෙහෙවරට පමණක් නොව අතිගැඹුරු උතුම් පඬිරුවනක්. What the Buddha Taught පොත උන් වහන්සේ විසින් ලියන ලද්දේ ඇමෙරිකා විශ්ව විද්‍යාලයට යන්න කලින්. එය ලියන ලද්දේ මාගේ පියා වූ පිලිප් ගුණවර්ධන අමාත්‍යතුමාගේ මාමාගේ සමනබැද්දෙ පිහිටි නිවසේ සිටයි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක පළමුවෙන්ම ඉංග්‍රීසි උපාධියක් කලේ උන් වහන්සේයි. එහිදී උන් වහන්සේ ලියන ලද මෙම කෘතිය අද වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කරල තිබෙනවා. එය තවමත් ලොව පුරා අධ්‍යයනය වෙමින් පවතිනවා. උන් වහන්සේව විද්ද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට පත් කළා. එම විශ්ව විද්‍යාලයට නායකත්වය දෙමින් ඇති කරගත් ගමනේ තව වැදගත් අවස්ථාවක් වනුයේ මෙම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය ඇති කිරීමයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය කිසිලෙසකින් අත නොතැබිය හැකි වගන්තියක්. එය බුදු දහමේ ආරක්ෂාවයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටු කළ හැකි කර්තව්‍යය නොපිරිහෙලා ඉටු කිරීමට කැපවී සිටින බවත් ප්‍රකාශ කරන්නට කැමතියි. ඔබ වහන්සේලා වෙනුවෙන් අමාත්‍යාංශය හරහා ඉලක්කගත සංවර්ධනය ඉටු කිරීමට අපි කැප වෙලා කටයුතු කරනවා.”
    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන්ගේ අනුශාසනවක් පැවති මෙම අවස්ථාවට, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ද, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පාලක සභා සභික අධිනීතිඥ කල්‍යානන්ද තිරානගම ඇතුලු පාලක සභිකයන් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya