අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 25, 2021

    ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වෙයි

    ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා කොළඹ වරායටත් SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ත්‍රිකුණාමලය වරායටත් (2021 ඔක්තෝබර් 24) සේන්දු වූ අතර, එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. එමෙන්ම, මීට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද (Vice Admiral Anil Kumar Chawla, Flag Officer Commander - in – Chief Southern Naval Command Indian Navy) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලදී.

     

    ඒ අනුව, කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලෙස කපිතාන් අෆ්තාබ් කාන් මහතා (Captain Aftab Khan) කටයුතු කරනු ලබයි. කොළඹ වරායට සේන්දු වූ SHARDUL නෞකාව දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 155ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් අනූප් ශර්මා මහතා (Commander Anoop Sharma) කටයුතු කරනු ලබන අතර, දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 156ක ගෙන් සමන්විත MAGAR නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් උපේන්ද්‍ර අග්ගාර්වාල් මහතා (Commander Upendra Aggarwal) කටයුතු කරනු ලබයි.

     

    (2021 ඔක්තෝබර් 24) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ SUJATA නෞකාව දිගින් මීටර 102ක් සහ නැව් මුළුව 139ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිජිත් එස් නායර් මහතා (Commander Sreejit S Nair) කටයුතු කරනු ලබයි. එමෙන්ම ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයේ පුහුණු රුවල් නෞකා ද්විත්වය වන SUDARSHINI සහ TARANGINI නෞකා ද ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. SUDARSHINI පුහුණු රුවල් නෞකාව දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිකාන්ත් වෙනුගෝපාල් මහතා (Commander Srikanth Venugopal) ද, දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47ක ගෙන් සමන්විත TARANGINI පුහුණු රුවල් නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් යාටිෂ් බදුටියා මහතා (Commander Yatish Badoutiya) ද කටයුතු කරනු ලබයි. තවද, ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් VIKRAM පුහුණු නෞකාව දිගින් මීටර 98ක් සහ නැව් මුළුව 93ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරි ලෙස ආඥාපති උමේඩ් සිං මහතා (Commandant Umed Singh) කටයුතු කරනු ලබයි.

     

    ඒ අනුව, මෙම පුහුණු බලඝණයට අයත් නෞකා කොළඹ දී සහ ත්‍රිකුණාමලය දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් මස 27 සහ 28 යන දිනයන්හී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එම බලඝණයට අයත් නාවික පුද්ගලයන් මෙරට රැදී සිටින කාලසීමාව තුලදී දිවයිනේ ප්‍රදේශ රැසක වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීම පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුළු සංකල්පය යටතේ සිදු කිරීමට නියමිතය.

     

    තවද, කොළඹ දී සහ ත්‍රිකුණාමලය දී මෙම පුහුණු බලඝණය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වෙන සියළු පුහුණු අභ්‍යාස සහ අනෙකුත් කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya