මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

    ඔක්තෝබර් 20, 2021

    ගාල්ල, බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික කාන්තා නාවිකයින් 67 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 ඔක්තෝබර් මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

    මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ මහතා සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ කාන්තා ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි.

    ඒ අනුව, 242 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම කාන්තා ආධුනික නාවිකයාට හිමි කුසලානය කාන්තා ආධුනික නැවි ඒඑම්එස්එස් අතපත්තු හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් කාන්තා නාවිකයාට හිමි කුසලානය කාන්තා ආධුනික නැවි කේජීටී චමෝද්‍යා හිමිකර ගන්නා ලදී. තවද, කාන්තා ආධුනික නැවි ඩීජීජීපී කුලසූරිය හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද අතර, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ජීවීඑස්එස් ගමගේ විසින්ද හිමි කර ගන්නා ලදී. තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, කපිතාන් මනෝජ් ලීලාරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගීවී සිටින ලද අතර, විසිර යන ආධුනික කාත්නා නාවිකයින්ගේ දෙමාපියන්හට මෙම විසිර යෑමේ පෙළපාලිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya