මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ණය ලබාගැනීම හා පළාත් සභා මැතිවරණ පැවැත්වීම අතර කිසිඳු සබඳතාවක් නෑ- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 19, 2021

    ඉන්දීය ණය ලබාගැනීම හා පළාත් සභා මැතිවරණ පැවැත්වීම අතර කිසිඳු සබඳතාවක් නොමැති බවත්, ණය ලබාගැනීමේ කොන්දේසි ලෙස පළාත් සභා මැතිවරණය පැවැත්වීම එම ණය ගිවිසුවට ඇතුළත් කර හෝ ණය
    ලබාගන්නේ නම් මැතිවරණය පැවැත්විය යුතු බවට කිසිඳු බලපෑමක් නොමැති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(19) දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දීය ණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    තමන් විදුලිබල අමාත්‍යවරයාව සිටි අවධියේදී ඩොලර් මිලියන සියයක පුනර්ජනනීය බලශක්ති ගිවිසුමක් ඉන්දියාවත් සමඟ අත්සන් කළ බවත්, එයට අදාළ ගෙවන කාලසීමාව වැනි විවිධ කොන්දේසි තිබෙන බවත්, එසේ වුවද
    කිසිසේත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කොන්දේසියක් ලෙස ඇතැයි යන්න රජයක් ලෙස තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙම වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතීද යන්න මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ලැබෙනුයේ මැතිවරණ සංශෝධනයකින් පසුව බවත්, මෙම වසරේදී පැවැත්වීමට හැකියාවක් නොපවතින බවත්ය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ''ජනාධිපතිතුමා පසුගිය දිනෙක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. මෙය සෞභාග්‍යයේ දැක්මෙහිත් සඳහන් දෙයක්. පළාත් සභාව දමිළ භාෂාව මව් භාෂාව කරගත් උතුරු නැගෙනහිර සහෝදර ජනතාව වෙනුවෙන් ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට දේශපාලන ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ අරමුණින් ආරම්භ කළ එකක්. ''

    ''මේ අරමුණු කරා යෑමේදී මැතිවරණ ක්‍රමය පිළිබඳ විශාල ගැටලුවක් තිබෙනවා. පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ 2017 අංක 17 පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ඉතාම ගැටුම්කාරීයි. එය නිරවුල් කරගත යුතුයි. මෙරට දැනට පවතින මැතිවරණ ක්‍රමය ඉතාම විහිලුකාරී එකක්. මෙරට දේශපාලන ආයතන හතරට මැතිවරණ ක්‍රම 4ක් ආදේශ වී තිබෙනවා. ඉදිරියේදී මේ විකෘතිය නැති කළ යුතුයි. ඒ නිසා තමයි සමානුපාතික ක්‍රමයේ පවතින සාධනීය ලක්ෂණ රැකගෙන නව මැතිවරණ ක්‍රමයක් ගෙන ආ යුතුයි කියලා ඒ නිසායි ජනාධිපතිතුමා සඳහන් කළේ'' යනුවෙන් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya