මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුරුමයෙන් මිල දී ගන්නා සහල් සඳහා කිසිඳු ණය පදනමක් නැහැ - මුදල් ලබා දී සහල් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා - අමාත්‍ය රමේෂ් පතිරණ

    ඔක්තෝබර් 19, 2021

    බුරුමයෙන් මිල දී ගන්නා සහල් වලට ණය වීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදුව නැති බවත්, අදාළ මුදල් ලබා දී සහල් මිල දී ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙන බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක වැවිලි
    අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ මෙරට සහලින් ස්වයංපෝෂිත  කිරීම වන අතර මෙරට ගොවි ජනතාවට සාධාරණ මුදලක් ලබා දීම අරමුණු කර ගනිමින් සහතික වී මිල වැඩි කරමින් කටයුතු කරනු ලැබූ බව මෙහි දී අමාත්‍යවරයා විසින් කියා සිටියේය.

    එහෙත් බාහිර බලවේග මඟින් අඛණ්ඩව ක්‍රමානුකුලව වී මිල ඉහල දැමීම හරහා ගොවියාට සෙතක් ලැබෙන බව දක්නට ලැබෙන සත්‍යයක් නමුත් පාරිභෝගිකයාට අවාසිදායක වන බවත් මෙමඟින් දක්නට ලැබෙන නිසා වෙළඳපොල සමතුලිතභාවය ඇතිකරවිමට මෙන්ම පාරිභෝගිකයා පිළිබඳවද සැළකිල්ලට ගෙන සහල් යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය විසින් කටයුතු කරනු ලැබු බවත් මෙහි දී රමේෂ් පතිරණ අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.

    එමෙන්ම, මාධ්‍යවේදියෙකු විසින් පොහොර සම්බන්ධව කරන ප්‍රශ්න කිරීමක දී, මෙරට පවතින පොහොර ගැටලුව සම්බන්ධව රජය ඉතාමත් සංවේදීව කටයුතු කරමින් රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සෞඛ්‍ය පිළිබඳව ඇති ආරක්ෂණය පිළිබඳව හොඳ තීරණයක් ගැනීමේ අරමුණින් කාබනික කෘෂිකර්මාන්තය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබූ බවත්, එය ආරම්භක අවධියේ දී යම් යම් ගැටළු මතුවිය හැකි බවත් ඒ මහතා මෙහි දී කියා සිටින ලදුව, මෙම කාල සිමාව කාබනික නිෂ්පාදනයේ ආරම්භක අවධියේ පසුවන හෙයින් යම් තරමකට පොහොර අඩුවක් දක්නට ලැබෙන හෙයින් එම අඩු ප්‍රමාණය ආනයනය කොට බෙදා දීමට සැළසුම් කොට තිබුනත් ආනයනික පොහොර වල තිබූ ගැටලුකාරී තත්ත්වය නිසා එම පොහොර රට තුල බෙදා හැරීමට කටයුතු නොකළ බවත් කියා සිටියේය.

    කෙසේ වුවද, මෙම මාසයේ දී තේ නිෂ්පාදනය ද අඩු මට්ටමක තිබෙන බව දක්නට ලැබෙන නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය නයිට්‍රජන් පෝෂක නැනෝ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරන ලද පොහොර ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට රජය තීන්දු කර තිබෙන අතර ඒ අනුව එලෙස ගෙන්වීමට නියමිත පොහොර වලින් කොටසක් දිවයිනට ලැබීමට නියමිත ව තිබේ.

    එකී ලැබීමට නියමිත පොහොර සියල්ල ලැබුණු පසු මසක පමණ කාලයක් ඇතුළත එම පොහොර බෙදා හැරීමට කටයුතු කළ හැකි වනු ඇතැයි ද හෙතෙම කියා සිටි අතර, මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද කියා සිටිනු ලැබුයේ; එමෙන්ම යම් අර්බුදකාරී තත්ත්ව්යාක දී ගොවීන්ගේ මෙන්ම පාරිභෝගිකයා දෙස ද බලා අවශ්‍ය පියවර ගැනීමට කිසිසේත්ම නොපැකිලව කටයුතු කරන බවයි.

    ඒ අනුව, තේ වගාව, වී වගාව පමණක් නොව අනිකුත් සියලුම වගා කටයුතු කරන ගොවිමහත්වරුන්ගෙන් රජය සමඟ සිටින ලෙසත්, අඛණ්ඩව ගොවිකටයුතු සිදු කරන ලෙසත්, රජය පිළිබඳව විස්වාසයෙන් කටයුතු කරන ලෙසත්, ඉල්ලා සිටින බව මෙහි දී අමාත්‍යවරුන් විසින් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya