අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහණයෙන් 50%කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 

    සැප්තැම්බර් 14, 2021

    රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මෙම ජයග්‍රහණයේ අපි සැවොම වීරයන් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ජනගහණයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවනි මාත්‍රාව එන්නත්කරණය කළ රාජ්‍යයක් ලෙස ලෝක සිතියමෙහි රාජ්‍යයන් ඉතාම අතලොස්ස අතරට එක්වීමට අප රටට හැකිවීම භාග්‍යයක් බවද, මෙම රාජ්‍ය පද්ධතිය තුළ කුඩා දූපත්රාජ්‍ය හැරුණු කොට ඉහලින් සිටිනුයේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල් බවත් මින් බහුතරය ජී7 (G7) කලාපයට අයත් රටවල් වන අතර එයින් රටවල් 4ක්ම එන්නත් නිපදවන රටවල් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මෙම ජයග්‍රහණයේ දී සියල්ලෝම වීරයන් සහ කොටස්කරුවන් වන බවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අප්‍රමාණ කැපකිරීම් කළ පිරිස, ආරක්ෂක අංශ වල නිලධාරීන්, රාජ්‍ය නායකයන් මෙන්ම රැකියාවට නොගොස් නිවෙස් වල සිටි පුද්ගලයන් පවා මෙම ජයග්‍රහණයේ වීරයන් සහ කොටස්කරුවන් වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා; මෙම එකමුතුකම තුළින්ම ඉදිරි සති කිහිපය සැවොම ගතකළහොත් ප්‍රශ්න මැනවින් කළමනාකරණය කරගත හැකි බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya