අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    60ට වැඩි මෙරට ජනගහණයෙන් බහුතරයකට එන්නත් ලබාදී අවසන් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    සැප්තැම්බර් 06, 2021

     60ට වැඩි මෙරට ජනගහණයෙන් බහුතරයකට මේ වන විට එන්නත් ලබාදී අවසන් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා රජයේ නිල
    පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටියේය.

    මේ මොහොත වන විටත් විවිධ හේතූන් මත එම වයස් කාණ්ඩයේ ඉතා සුළු ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති බවද, ඒ සදහා ප්‍රධාන වශයෙන් හේතූන් දෙකක් බලපා ඇතැයිද ඔහු සදහන්
    කළේය.

    පළමු හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ රෝගියාගේ වයස සහ ඔහුට ඇති රෝගී තත්ත්වයන් මත එන්නත ලබාගැනීමෙන් පසු ගැටලු මතුවේ යැයි ඔවුන් තුළ ඇතැම් සිතුවිලි පහල වීම
    බවද ඔහු කියා සිටියේය. එන්නත ලබාගැනීමෙන් සැලසෙන වාසිය එන්නත ලබානොගැනීමෙන් වන හානියට වඩා විශාල යැයිද, මෙම තත්ත්වය පිලිබදව අවබෝධයක් නැති ඇතැම් පිරිස්
    එන්නත ලබාගැනීමට මැලි වන බවද මේ මොහොත වන විට ඒ අය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඔවුන් දැනුවත් කර එන්නත් ලබාදීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා
    අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

    එන්නත ලබා නොගන්නා අනෙක් පාර්ශවය වනුයේ ශාරීරික වශයෙන් එන්නත ලබාගැනීම සදහා යාමට අපහසු කාණ්ඩය බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත්
    පැවසුවේ නිවෙස් වල එක්තැන්වී සිටින ශාරීරික වශයෙන් දුර්වල එන්නත ලබාගැනීමට ප්‍රවාහන පහසුකම් සලසාගත නොහැකි අය සදහා නිවෙස් වෙතට ගොස් එන්නත් ලබාදීමට කටයුතු කරන
    බවයි.

    එම කටයුත්ත ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් සිදුකෙරෙන බවද, මෙලෙස 60ට වැඩි එන්නත් ලබා නොගත් පිරිස රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයක් වුවද, සංඛ්‍යාත්මකව
    දහස් ගණනක් විය හැකි අතර යම් හෙයකින් මොවුන් අතර රෝගය පැතිරුණහොත් අනිවාර්යයෙන්ම විශාල ප්‍රතිශතයක් සංකූලතා ඇතිවී මිය යාමට ඉඩකඩ පවතින බව විශේෂඥ වෛද්‍ය
    හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

    මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීම සදහා එම වයස් කාණ්ඩ වල සිටින සියලුදෙනාම එන්නත අනිවාර්යයෙන් ලබාගත යුතු බවත්, ඔබ අවුරුදු 60ට වැඩිනම්, දීර්ඝකාලීනව නිදන්ගත
    රෝගයන්ගෙන් පෙළෙනවා නම් අප්‍රමාදව මෙම එන්නත ළගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද
    ඔහු වැඩිදුරටත් පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya