අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි අයවැය, නැවත මේ රට නැඟී සිටින ජනතාවට සතුටින් ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දෙන අයවැයක් - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    සැප්තැම්බර් 06, 2021

    ඉදිරි අයවැය ලේඛනය පිළිබඳව ජනතාවට ඉමහත් බලාපොරොත්තු තැබිය හැකි අයවැයක් බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයන් රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (06) කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති ආර්ථික ගැටළු නිරාකරණය පිණිස ගෘහ ආර්ථිකය සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය ඉවහල් කරගත හැක්කේ ක‌ෙසේද? යන්න පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    කොවිඩ් 19 හමුවේ මෙරට ආර්ථිකයට දැඩි පීඩාකාරී අවස්ථාව තුළ ලැබූ අත්දැකීම් ආදිය සියල්ල සැලකිල්ලට ගනිමින් 2022 අයවැය මඟින් නැවත මේ රට නැඟී සිටින ජනතාවට සතුටින් ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමේ අයවැයක් බවට පරිවර්තනය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යවරයා විසින් සියලු අමාත්‍යංශ, විවිධ ක්ෂේත්‍ර හා එක්ව සකච්ඡා කොට
    අවසන් බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.

    ආණ්ඩුවක් ලෙස රජයේ අනවශ්‍ය වියදම් කප්පාදුවක් සිදු කොට තිබෙන අතරම ඉදිරියටත් මෙම පියවර ගෙන යනු ලබන බවත්, රජයක් ලෙස පවතින කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදයට මුහුණ දෙන අතරම රජය විසින් ජනතාව වෙනුවෙන් කළ යුතු සංවර්ධන වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරමින් පවතින බවත් මෙහි දී කියා සිටියේය.

    වත්මන් රජය රට භාර ගන්නා විට ආර්ථිකය විශාල පීඩනයකට ලක් ව තිබු මොහොතක් වූ නිසා, ඒ අනුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය මඟින් බදු අඩු කර ජනතාවගේ මුදල් නැවත මහා භාණ්ඩාගාරයට යනවා වෙනුවට නැවත නැවත එම මුදල් ව්‍යාපාර වලට යෙදවීම මඟින් මුදල් සංසරණයට අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු කළ බව ද, මෙවැනි සාධනීය පියවරයන් මෙලෙස හෝ නොගන්නේනම් මීට වඩා ආර්ථික ප්‍රපාතයකට මුහුණ දීමට තිබුණු බව ද මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා, 2015 – 2019 කාලය තුළ එවකට පැවති ආණ්ඩුව තරමක් දුරට මෙරට ආර්ථිකය යම්තරමකට හෝ කළමනාකරණය කළේ නම් අද වන විට ජනතාවට ලැබෙන පීඩනය අවම කරගත හැකි ව තිබුණු බව ද පෙන්වා දුන්නේය.

    විපක්ෂයේ කාර්යය වී ඇත්තේ තම දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා රජය පිළිබඳව ජනතාව තුළ රජය පිළිබඳව තිබෙන හැඟීම වෙනස් කරවීම බවත්, ජනතාව වෙනුවෙන් කරන කාර්යන් වල දී විශාල ලෙස එම කටයුතු විවේචනයන්ට ලක් කිරීම සිදු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ වගකීම් විරහිත භාවය සහ ප්‍රතිපත්තිවිරහිත භාවය බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදුව, මෙරට ණය ගැනීමට හා ණය ගෙවීමට අවශ්‍ය කටයුතු කළමනාකරණය කොට තිබෙන බවත්, මේ වනවිට ආණ්ඩුව පත්ව කෙටිකලකින් බිලියනයක ණයක් ගෙවා අවසන් කළ බවත් මෙහි දී කියා සිටියේය.

    එලෙස ණයක් ගෙවා අවසන් කරවීම ද විපක්ෂය විසින් ජනතාව තුළ සැකයක් ඇති කරවීමට කටයුතු කළා පමණක් නොව මෙරටට ණය ගෙවීමේ හැකියාවක් නොමැති බව පවසමින් ජාත්‍යන්තරයට පවා දැනුම් දී විවිධ විදේශ මාධ්‍ය භාවිතා කරමින් කටයුතු කරමින් දැඩි බලපෑමක් ඇති කරවීමට ද කටයුතු කර ඇති බව සඳහන් කළේය.

    ඒ කෙසේ වුව ද, වත්මන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා කෙරහි ජනතාව විසින් තැබූ විශ්වාසය කිසිදු ලෙසක හානි නොවීමට ඉඩ නොදෙන බවත්, එන්නත්කරණය අවසාන වූ වහාම 2021 අවසාන කාර්තුව තුළ නැවත ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරන කාර්තුවක් බවටපරිවර්තනය කල හැකි වන සේ ඊට අවශ්‍ය සැළසුම් දැනටමත් සකස් කොට අවසන් බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya