මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වයංක්‍රීය රුධිර පීඩනමාන පරිත්‍යාගයක්

    අගෝස්තු 28, 2021

    රෝග විනිශ්චය කිරීමේ දී වෛද්‍යවරු විසින් බහුලව භාවිත කරනු ලබන, රුධිර පීඩනමාන 100 ක පරිත්‍යාගයක් ඊයේ (27), වෛද්‍ය උපකරණ ආනයනකරුවන්ගේ සංගමය විසින්
    ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදී.

    මෙම ස්වයංක්‍රීය රුධිර පීඩනමාන කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල භාවිතය සදහා බෙදාදීමට නියමිතය.

    එම අවස්ථාවට වෛද්‍ය උපකරණ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. ප්‍රභූ මහතා, උපසභාපති ප්‍රදීප් අමරවීර මහතා සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya