මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංචාරක කර්මාන්තයක් සඳහා ජර්මනියේ සහය

    අගෝස්තු 25, 2021

    තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජර්මනිය එකඟතාවය පළ කරයි.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මන් තානාපති holger seubert අතර ඊයේ(24) zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණියහ .

    කොවිඩ් වසංගත තත්වය හමුවේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.

    පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක වැදගත්කම දෙපාර්ශවයේම අවධානයට ලක්වූ අතර සංචාරක හෝටල් , සංචාරක නැරඹුම් ස්ථාන, සංචාරක නියෝජිත ආයතන ආදී සංචාරකයින් හා සම්බන්ධ වන සෑම අංශයක්ම ප්ලාස්ටික් වැනි පරිසරයට අහිතකර නිෂ්පාදනවලින් තොර ස්ථාන බවටත් පරිසර හිතකාමී ආකර්ෂණීය ස්ථාන බවට පත් කිරීමත් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    වාර්ෂිකව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණෙන මුල්ම රටවල් පහ අතරට ජර්මනිය ද අයත් වේ. වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා වසා දැමුනු ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පළමුව මෙරටට පැමිණියේත් ජර්මන් නියෝජිතයින් පිරිසක් යැයි අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

    ජර්මානු තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ජර්මානු රජයේ පූර්ණ සහය සහාය පළ කරන බවයි .ජර්මානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ කැමැත්තක් දක්වන බවත් කොවිඩ් වසංගත තත්ත්වය යටතේ හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔවුන් මෙරටට පැමිණීමට සූදානම් බවද තානාපතිවරයා මෙහිදී කියා සිටියේය .

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ මත සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමේ කිසිදු බාධාවක් නොමැති බවයි .සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වත්මන් රජයේ විවිධ පියවර ගනිමින් සිටින බවත් කොවිඩ් තත්වය යටතේ වුව ද එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය .

    මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya