මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායනය රීති උල්ලංඝණය කළ 94ක් අත්අඩංගුවට

    අගෝස්තු 03, 2021

    නිරෝධායනය රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 94 දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන මාර්ග බාධක ස්ථාන 13ක දී   පුද්ගලයන් 8849 සහ ඔවුන් ගමන්ගත් වාහන 4433ක් පරීක්ෂාවට ලක් කර ඇත.

    එහිදී සංචරණ සීමා උල්ලංඝණය කරමින් වාහන 65 කින් පැමිණි පුද්ගලයන් 139 දෙනෙකු අවවාද කිරීමෙන් අනතුරුව ආපසු හරවා යවා ඇත.

    නිරෝධායනය රීතිවලට අදාළව මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය කියා සිටී.

    සෑම අවස්ථාවකම මුව ආවරණ පළඳින ලෙසත් ,පළාත් මායිම්වලදී සිදු කෙරෙන පරීක්ෂාවකදී ජාතික හැඳුනුම්පත හෝ වෙනත් හඳුනාගතහැකි සහතිකයක් හෝ යම් ලිපියක් එහිදී ඉල්ලා සිටි අවස්ථාවක රජයේ සේවකයන් හෝ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන පුද්ගලයන්ට නොපැකිළව එය ලබා දීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලීමක් කරයි.

    නිරෝධායනය රීති උල්ලංඝණය කිරීමේ වරදට අත් අඩංගුවට පත් සමස්ත පුද්ගලයන් ගණන 53030කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya