මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවැක්ස් වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවට සහය ලබා දෙනවා - ඇමරිකානු තානාපතිනිය

    අගෝස්තු 03, 2021

    කොවිඩ් -19 ට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කරනු ලබන සටනට ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහයෝගය දක්වන බවත්, ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකය පුරා රටවල ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ එන්නත් සැපයීම සිදු කරන ජාත්‍යන්තර යාන්ත්‍රණය වන කොවැක්ස් වැඩසටහන යටතේ එම සහය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය පැවසුවාය.

    ඒ මහත්මිය මේ අදහස් පල කළේ, ඊයේ (02) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.
    පාර්ලිමේන්තු සංකීර්ණයයේ කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවට ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දේශපාලන ප්‍රධානී මාකස් කාපෙන්ටර් මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය සම්බන්ධ වී සිටියහ.

    ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණි. විශේෂයෙන් ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපදය විසින්මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බල ශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි.

    ශ්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ විශේෂ කාරක සභාවක් පිහිටුවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳව ඇමරිකාව සිය සතුට පල කරන බවද මෙහිදී තානාපතිනිය පැවසුවාය.

    මුළු ලෝකයම මුහුණදී තිබෙන අසීරු කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව නිරන්තරයෙන් සහයෝගය දක්වන බවද තානාපතිනිය කථානායකවරයා වෙත දන්වා සිටියාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya