මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව විශේෂ අපනයන ඒකකය විවෘත කෙරේ

    අගෝස්තු 03, 2021

    ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව අභිනවයෙන් පිහිටවූ විශේෂ අපනයන ඒකකය ( Export Circle ) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (02) අරලියගහ මන්දිරයේ දී විවෘත විය.

    අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා මෙම විශේෂ ඒකකය විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකය තුළ මෙම විශේෂ අපනයන ඒකකය ස්ථාපිත කර තිබේ.

    ලංකා බැංකුවේ මහා කළමනාකරු ලෙස කටයුතු කරන ඩී.පී.කේ ගුණසේකර මහතා ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨතම බැංකු සේවකයාට හිමි තිලිණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහි දී ලබාගත්තේය.

    එහිදී අදහස් දැක් වූ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පැවසුවේ;

    ''සැමවිටම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා අනුගත වෙමින් ඒ ඒ රජයන්හි ආර්ථික සංවර්ධන කාර්යයට යුගයෙන් යුගය උර දුන් ලංකා බැංකුව වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම හා එක්වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම උදෙසා දිවි උදාන ණය යෝජනා ක්‍රමයත් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා දිරි ගැන්වීමට සශ්‍රීක ණය යෝජනා ක්‍රමයත් ක්‍රියාත්මක කර තිබෙනවා.

    ලංකා බැංකුවේ පළමු සභාපති සර් අර්නස්ට් ද සිල්වා මැතිතුමාගේ බංගලාවෙ තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටලා තියෙන්නෙ. ඒ නිසා ලංකා බැංකුවේ 82වැනි සංවත්සරය සැමරීමට අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිර පරිශ්‍රය ලබාදීම ගැන මාගේ ප්‍රණාමය පුදකරනවා.

    2014 වනවිට සියයට 6ක ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ තිබුණා. රජයේ බැංකු පොලී අනුපාතය සියයට 8-9 වගේ තනි ඉලක්කමකයි පැවතුණේ.ඉතා හොඳ ආර්ථික වර්ධනයක් තිබුණ රටක් තමයි පසුගිය රජය භාරගත්තෙ. එහෙත් 2019 වනවිට බැංකු පොලී අනුපාතය සියයට 15ත් 16ත් දක්වා වර්ධනය වෙලා 2014 තනි ඉලක්කමේ තිබුණු බදු අනුපාතයත් සියයට 15 දක්වා වැඩිවුණා''යැයි ද පැවසීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya