මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු ගුවන් සේවය සැප්තැම්බර් මස සිට මොස්කව් - කොළඹ ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්

    අගෝස්තු 02, 2021

    කොවිඩ් එන්නත්කරණය සමග මේ වසර අවසන් වන විට සංචාරක කර්මාන්තය යථා තත්තවයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     කොළඹ - මොස්කව් ගුවන් ගමන් වැඩි කිරීමට ද්වි පාර්ශවික සාකච්ඡා ඇරඹේ.
     රුසියානු ගුවන් සේවය සැප්තැම්බර් මස සිට මොස්කව් - කොළඹ ගුවන් ගමන් අරඹයි.
     ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ දී රුසියානු කළාපය පිළිබද වැඩි අවධානයක්.
    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග රුසියානු මාධ්‍ය හමුවේ කියයි.

    කොවිඩ් එන්නත්කරණය සමග මේ වසර අවසන් වන විට සංචාරක කර්මාන්තය යථා තත්තවයට පත්වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් ලබන වසර මෙරට සංචාරක ව්‍යාපාරයට ඉතා සුවිශේෂි වසරක් වනු ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඇමතිවරයා පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් මාසය වන විට මෙරට ජනගහණයෙන් 60%ක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට රජය කටයුතු යොදා ඇති බවයි.
    මේ දිනවල රුසියානු නිළ සංචාරයක නිරතව සිටින ඇමති ප්‍රසන්න රණතුංග මහතා රුසියානු මාධ්‍යවේදීන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කළේය. මොස්කව් නුවර දී මෙම සාකච්ඡාව පැවැත්විණ.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා  පෙන්වා දුන්නේ, පසුගිය යහපාලන රජය පත්වීමත් සමග කොළඹ - මොස්කව් සෘජු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවයි. එම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට වත්මන් රජය කටයුතු කළ බවත් ඉදිරියේ දි ලෝකයේ නව ගමනාන්ත රැසකට ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා  කීවේය.

    කොළඹ - මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කිරීම දෙරට අතර සංචාරක හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඉවහල් වනු ඇතැයි පෙන්වා දුන් ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීමේ දි රුසියානු කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද කීවේය.

    ශ්‍රී ලංකාව හා රුසියාව අතර දැනට සෘජු ගුවන් ගමන් සිදුවන්නේ සතියකට එක්වරක් පමණි. රුසියානු ගුවන් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරියේ දි එය වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරේ. දැනටමත් ඒ සදහා ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කර ඇත. සැප්තැම්බර් මාසයේ සිට රුසියානු ගුවන් සේවය ද මොස්කව් සිට කොළඹ දක්වා සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. රුසියානු සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ‘BUY ONE – GET ONE’ පැකේජයක් හදුන්වා දීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇති අතර ඉදිරියේ දි මෙරටට පැමිණෙන සියලු සංචාරකයන් සදහා මෙම පැකේජ හදුන්වාදීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්වෙමින් තිබෙන බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග ශ්‍රී ලංකාව ලෝකයේ කොවිඩ් වලින් නිදහස් සුරක්ෂිත රටක් බවට පත්වෙනු ඇතැයි ද කීවේය.

    කොවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයෙකුට දින 14 කින් පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන්ට ගුවන්තොටුපළේ සිදු කෙරෙන පි.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් අසාදිත නොවන බව තහවුරු වුවහොත්ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක සංචාරයේ නිරත වීමට හැකියාව තිබේ. එන්නත් ලබානොගෙන පැමිණෙන අයට පි.සි.ආර් පරික්ෂණයෙන් ආසාදිත නොවන බව තහවුරු වුවහොත් ‘ජෛව බුබුළක්‘ ලෙස සංචාරය කළ හැකි බවත් ඒ සදහා ස්ථාන 22 ක් හදුන්වා දී ඇති බවත් පැවසු ඇමතිවරයා, ඉදිරියේ දි එම ස්ථාන වැඩි කිරීමට අපේක්ෂා කරන බව ද කිවේය. එන්නත් නොගෙන පැමිණෙන අය දින 14 කට වඩා කාලයක් මෙරට තුළ රැදෙන්නේනම් දින 10 කින් සිදු කෙරෙන පි.සි.ආර්. පරික්ෂාවකින් පසු ඔවුන් කොවිඩ් අසාදිත නොවන බව තහවුරු වුවහොත් දිවයිනේ සංචාරය කිරීමට ඔවුන්ට ඉඩ ලැබෙන බව ද ඇමතිවරයා රුසියානු මාධ්‍යවේදින් හමුවේ කීවේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya