මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුවරුන්ගේ විශිෂ්ඨ සේවාව රජය අගය කරනවා

    ජූලි 27, 2021

    ගුරුවරුන්ගේ විශිෂ්ඨ සේවාව සෑම විටම රජය අගය කරන බවත් , මෙම අසීරු සමයේ දරුවන් වෙනුවෙන් සිතා සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(27) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    එළඹෙන අයවැයේදී ගුරුවරුන් සඳහා පළමු සහනය ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය ආදායම් අඩු වී ඇති මොහොතක මෙම වැටුප් විෂමතා ඉවත් කිරීමේ අසීරුතාවය පැහැදිළි කළේය. රටේ පවතින වර්තමාන මූල්‍ය තත්වය හමුවේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ ක්ෂණික හැකියාවක් නැති බවත් ඉදිරි අයවැයේදී ඒ් සම්බන්ධයෙන් පළමු පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    දරුවන් වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ පාසල් නොගොස් ගෙදරට සීමා වී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙමගින් වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ අර්ධ නාගරික සහ ග්‍රාමිය පාසල් වල දරුවන් බවද පෙන්වා දුන්නේය. එබැවින් නැවන සේවයට පැමිණ අදාළ අධ්‍යාපන කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සියළුම ගුරු සංගම් සමග සාකච්ඡාවක් පවත්වන බවත් ගුරු අධ්‍යාපන සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා,

    අනෙක් සේවාවන්හි වැටුප් විෂමතාවක් ඇති නොවන පරිදි මෙම ගැටළුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya