මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් අමාත්‍යංශ 03 සහ රාජ්‍ය අමාත්‍යාංශය 04 ලේකම්වරුන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය

    ජූලි 10, 2021

    කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යාංශ 04 ක ලේකම්වරුන් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී (07) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.

    උසස් නිලතල පිළිබඳ කාරක සභා රැස්වීමට ගරු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, උදය ගම්මන්පිල විදුර වික්‍රමනායක යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද සහභාගි වූහ.

    මෙහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජි. එච්. කේ. කේ. ගුණවර්ධන මහතාට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් දයා රත්නායක මහතාට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම්වරයා පැවසීය.

    ඔවුන්ට අමතරව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනෙත්‍රා ගුණවර්ධන මහත්මියට, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. අරුමෙයිනායගම් මහතාටද, සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාටද, පොල්, කිතුල්, හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයන විවිධාංගකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස තිස්ස හේවාවිතාරණ මහතාට ද අනුමැතිය හිමි වූ බව මහලේකම්වරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya