අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ගෞරවයට කීර්ති නාමයට අගෞරව කරනවා නම් එම ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා - ක්‍රීඩා අමාත්‍ය

    ජූලි 09, 2021

    “ක්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවය අගෞරවය වෙන විදිහට කටයුතු කරනවා නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නවා. එය ක්‍රිකට් හා මලල ක්‍රීඩාව ඇතුළු සෑම ක්‍රීඩාවකට ම අදාළයි ''යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (08) පාර්ලිම්න්තුවේදී පැවසීය.

    මලල ක්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා,ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.සාක්ෂි එක්ක තියෙන මේ නිර්දේශ ක්‍රියාත්මක අපි කිරීමට බලාපොරොත්තු වෙනවා යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිම්න්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් සභාව කල් තබන අවස්ථාවේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

    අමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය.


    බොහොම ස්තූතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි , ඒ වගේම දොලවත්ත මන්ත්‍රිතුමා අහපු ප්‍රශ්නය බොහෝ මේ රටේ ක්‍රීඩාලෝලීන්ගේ හදවතේ කකියන ප්‍රශ්නයක් බව සදහන් කිරීම අත්‍යවශ්‍ය යි. මේ රටේ ක්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් තිබුනත් , එය කෙතරම් ඉහළ සාධනීය මට්ටම් වලට පැමිණ තිබුණත් අපේ රටේ ක්‍රීඩාලෝලීන්ගේ හදවතේ තවමත් තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව යි!

    මෙතන සිටින ඇමතිවරුන් රැසක් ඇතුළු අපි සියලු දෙනාගේත් හදවතේ නිරන්තරේ තියෙන ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව . එහි පොඩි පසුබෑමක් තියෙනවා. අපි එය පිලිගත යුතුයි. 1996න් පටන් ගත්තහම ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපි ලෝක කුසලාන 4ක අවසාන මහා තරඟ වලට ආවා . ලෝක කුසලාන දෙකක් අපි ජයග්‍රහණය කෙරුවා. හැබැයි මේ හැම කාලසීමාවක් තුළ ම පාසල් ක්‍රීඩාවේ ඉඳන් දේශීය ක්‍රීඩා සංගම් දක්වා එතනින් එහාට සංවර්ධනාත්මක කණ්ඩායමත් development squad සහ A සංචිතය ආදී කණ්ඩායම් දිගින් දිගටම ක්‍රියාත්මක වුණා . අනික් පැත්තෙන් ක්‍රීඩා කිරීමේ අඛණ්ඩතාවයක් තිබුණා, ජාතික කණ්ඩායමට යෑමට අපොහොසත් වුනොත් ඒ කණ්ඩායම සමග ඉදිරියට යාමට ක්‍රීඩකයෙක්ට හැකියාව තිබුණා . එයින් නැවතත් දේශීය සංගම්වලට එන්න හැකියාව තිබුණා , නමුත් 2004 ජයග්‍රහණයත් එක්ක මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැහැ .

    අද ඔබ දකිනවා ඇති ජාතික කණ්ඩායමේ එහෙම නැත්නං සංචිතයේ දස්කම් දක්වලා නැත්නම් දස්කම් දක්වන්න බැරි වුනොත් ඒ ක්‍රීඩකයාට අතරමැද අවස්ථාවක් නෑ. ආයෙ එන්නෙ domestic cricket වලින්. එතන දස්කම් දැක්වූවොත් නැවත යනවා අන්තර්ජාතික මට්ටමට. එතන අතරමැදි තත්ත්වයක් නෑ මේ දෙක අතර විශාල පරතරයක් තියෙනවා .

    අපි 2014 ලෝක කුසලාන ජයග්‍රහණයත් එක්ක අද තියෙන තත්වය දිහා බැලුවොත් එහෙම , අපට දිගු කාලීන සැලැස්මක් නොමැති වීම විශාල අභියෝගයක් ! එය සමස්ත ක්‍රීඩාවට ම බලපාපු කාරණාවක් ! 2014 ලෝක කුසලානයෙන් පස්සේ 2019 වන විට අපට ක්‍රීඩා අමාත්‍යවරු හතර දෙනෙක් හිටියා ,ඒ වගේම තමයි ප්‍රධාන පුහුණුකරුවන් පස්දෙනෙක් මේ අවුරුදු හතරට පුහුණුවීම් කටයුතු කරලා තියෙනවා . ඒ අයට අමතරව supporting staff එක විදිහට විස්සක් තිහක් අතර ඉඳලා තියෙනවා . ඒ වගේම එක් අවස්ථාවක දේශීය පුහුණුකරුවන්ට අවස්ථාව දිය යුතුයි කියන මතය ඇවිල්ලා පුහුණුකරුවො බඳවා ගත්තා. සංචාරයක් අතරමග ඒ පුහුණුකරුවා ගිවිසුම අහෝසි කළා . අවසාන ප්‍රතිඵලය තමයි ඒ පුහුණුකරු අද වන්දි නඩුවක් දාලා තියෙනවා. වන්දිය negotiate කරන්න නැත්නම් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ඒ කණ්ඩායම කරන වැඩේ සාධාරණීයකරණය කරන්න ඩොලර් ලක්ෂ එක හමාරක නීති උපදෙස් වලට මුදල් ගෙවලා තියෙනවා. මේ අනුව, අවුරුදු පහක් ඇතුළත පුහුණුකරුවෝ පස්දෙනයි, එපමණක්
    නෙවෙයි කණ්ඩායම් නායකයෝ දහදෙනෙක් අත්හදා බලා තියෙනවා. මේ කාලය වන තුළ ඊට අමතරව ක්‍රීඩකයන් 105ක් T20, one day, test ආදී තරග වලට අත්හදා බලා තිබෙනවා. සමහරක් ක්‍රීඩකයන් එක තරගයක් පමණයි සෙල්ලම් කර තිබෙන්නේ . අවසාන ප්‍රතිඵලය ඒ කිසි කෙනෙක්ට තමන්ගේ ස්ථානයේ ස්ථාවර වෙන්න අවස්ථාව ලැබුණේ නෑ .

    2016-2017 කියන එක අවුරුද්ද තුළ විතරක් ක්‍රීඩකයෝ හතළිස් දෙනෙක් කටයුතු කර තිබෙනවා. 2014 ට පස්සෙ අපි සම්බන්ධ වුණු කුසලාන ගත්තොත් , 2016 පළමු වටය අපි ජයග්‍රහණය කළේ ඇෆ්ගනිස්ථානය පමණයි . 2017 champion’s trophy අපි එක තරගයක් ජයගන්නව, ආසියානු කුසලානය අපි බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ට පරාජය වෙනව.මේ අනුව බලන කොට ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීම 2014 න් පසු 2015 න් ආරම්භ වෙන්නක්. එකිනෙකාට ඇඟිල්ල දික් කිරීමෙන් ඒක තේරුමක් වන්නේ නැහැ, ක්‍රිකට් පාලක මණ්ඩලය එය ස්වාධීන ආයතනයක් .ඔවුන් නිලවරණයකින් පත්වන්නේ, ඔව්, එම නිලවරණ වෙනස් වියයුතුයි.ඒ සඳහා අපි ක්‍රියාත්මක වීමට නියමිතයි. අපි පාර්ලිමේන්තුවට ක්‍රීඩා පනතක් ගෙන එනවා .එයින් අපිට ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු සියලුම ක්‍රීඩා සංගම්වලට තේරී පත්වන අය පිළිබඳව යම්කිසි නියමානුකූල ක්‍රමවේදයක් සකස් කරන්න . අපි වගකීමෙන් කියන්නේ අපිට කළ හැකියි .

    අනෙක් කාරණේ තමයි, අපි අලුතෙන් ක්‍රිකට් කමිටුවක් පත්කර තිබෙනවා අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ,රොෂාන් මහනාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර , ක්‍රීඩා කවුන්සිලයේ මහේල ජයවර්ධන ආදී මහත්වරුන් වගේම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ,රොමේෂ් කලුවිතාරණ මහත්වරුන් ගේ සහභාගිත්වය සහිතව තේරීම් කමිටුව වශයෙන් පත්කර තිබෙනවා . මේ අය මේ වන විටත් සැලැස්මක් සකස් කර තිබෙනවා,ඒ තරගකාරී ආකාරයට දේශීය ක්‍රීඩා සංගම් තරගාවලි පවත්වාගෙන යන්නට .අපි එයින් බලාපොරොත්තු වෙන්නේ ,පළමුපෙළ ක්‍රිකට් වලට උඩින් තරගයක් පවත්වන්නත්,පාසල් ක්‍රීඩා ව්‍යුහය සහ එල්.පී.එල් තරගාවලිය කරගෙන යන්නට මේ වසරේත් බලාපොරොත්තු වෙනවා . මෙයින් ක්‍රිඩකයන්ට සිය
    අඛන්ඩතාවය රඳවා ගත හැකියි .

    දැනට අපි ක්‍රීඩකයෝ 60 දෙනෙක් ජෛව බුබුලක දඹුල්ලේ පුහුණු කරවනවා.ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අපි නැවතත් පටන් ගන්නවා .development tour, 19න් පහළ මේ සියලු සංචාර සහ තරග අපි යළිත් පවත්වනවා . පැහැදිලිව දිගු කාලීන සැලැස්මක් සහිත , පුහුණුකාරීත්වය වෙනසක් ද සිදු වෙනු ඇති. අපි ජයග්‍රහණ කරා යන්න නියමිතයි නමුත් අපට සාධාරණ කාලයක් අවශ්‍යයි .ක්‍රීඩකයන්ට සාධාරණ කාලයක් ලබාදීම යනු අසීමිත කාලයක් නෙවෙයි විනය ප්‍රමුඛ කරගත් සාධාරණ කාලයක් , මලල ක්‍රීඩා ඇතුළු සියලුම ක්‍රීඩා ක්‍රීඩා කරන ක්‍රීඩා ක්‍රීඩකයින්ට එය ඉතාමත්ම වැදගත් ! ඒ ක්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවය අගෞරවය වෙන විදිහට කටයුතු කරනවා නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් අපි අදාල විනය ක්‍රියාමාර්ග ගන්නවා ඇති .එය මලල ක්‍රීඩාව ඇතුළු සෑම ක්‍රීඩාවකට ම අදාලයි . මලල ක්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා ,ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා .සාක්ෂි එක්ක තියෙන මේ නිර්දේශ ක්‍රියාත්මක අපි කිරීමට බලාපොරොත්තු වෙනවා .

    ඔව් ....මයන්ත දිසානායක මැතිතුමනි, ඔබතුමාගේ පියාගේ දායකත්වයෙන් තමයි මේ රටට ටෙස්ට් වරම් ලබා ගත්තෙ ! නමුත්, ලංකාවට එන්නේ ඉන්දියානු ජාතික කණ්ඩායමයි .ඔවුන් එන විට ඔවුන්ට ව්‍යුහයක් තියෙනවා , සැලසුම් තියෙනවා .ඔවුන් ක්‍රීඩකයන් එවන්නේ දක්ෂතාවය මතයි .අපිත් එවැනි ව්‍යුහයකට යායුතුයි අපි ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටිනවා .ඒ වගේම එල් පී එල් තරගාවලිය පිළිබඳ වත් ලොකු විවේචන රැසක් තිබෙනවා ,එහි විගණන වාර්තාවක් මම මේ අවස්ථාවේදී සභාගත කරනවා '' යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya