අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී නව උසස් අධ්‍යාපන ආයතන මෙරට ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා - අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 08, 2021

    ඉදිරියේදී නව උසස් අධ්‍යාපන ආයතන මෙරට ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් මහතා පවසයි.

    එළෙඹන ජූලි මස 15 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්ය කේන්ද්‍ර කර ගනිමින් නව විශ්ව විද්‍යාලයක් ඉදි වන බව පැවසූ අමාත්‍යවරයා හෙඳියන් සහ ගුරුවරු පුහුණු කිරීමේ සහ උපාධි ලබා දීමේ ආයතනයන් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත පිළිබඳ අද (08) පැවති පාර්ලිමේන්තු විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කෙළ්ය.

    ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් නොවන බවත් එහි පාඨමාලා සකස්කිරීම,ගුණාත්මකභාවය ඇගයීම,මූල්‍ය පරිපාලය ආදී කටයුතු සඳහා මෙම පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉඩ ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya