අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

    ජූලි 08, 2021

    ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම (ජූලි 06) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

    මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා විසින් ග්‍රන්ථයේ මුල් පිටපත මෙසේ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්නුවේය.

    අධ්‍යක්ෂ ලිවෙන් යු (Liwen Yue) මහතා සහ චාමර රන්මණ්ඩල මහතා විසින් රචිත “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය පසුගිය වසර 6ක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ කළ සුවිශේෂි වැඩසටහන්වල ආවර්ජනයකි.


    2014 සැප්තැම්බර් මස 16 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට දී ආරම්භ විය.


    එතැන් පටන් එහි අධ්‍යක්ෂ ලෙස අඛණ්ඩව සේවය කළ ලිවෙන් යු (Liwen Yue) මහතා සිය සේවා කාලය නිම කොට සිය රට බලායන බව මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සැල කර සිටියේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya