අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කෝප් කමිටුවට කැඳවේ

    ජූනි 24, 2021

    ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.


    මෙම තීරණය ගනු ලැබුවේ (22) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේ සමාජිකයන්ගේ විශේෂ රැස්වීමේදීය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කෝප් කමිවුවේ රැස්වීම් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම සහ ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.


    ඒ අනුව ලබන ජූලි 06 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ජූලි 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාල ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවීමට කමිටු සමාජිකයන්ගේ එකඟත්වය හිමි විය. මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්‍රො ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතන වල වර්තමාන තත්ත්වයද විමර්ශනය කිරිමට අපේක්ෂිතය.

    එයට අමතරව ලබන ජූලි 08 වැනිදා සිට පසුගිය කාලය තුළ කැඳවීමට නොහැකිවූ ආයතන නැවත කැඳවීමටද මෙහිදී කමිටු සාමාජිකත්වයේ එකඟතාවය හිමි විය. දැනට පාර්ලිමේන්තු විවාදයක් සඳහා යෝජිතව ඇති මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය මෙහිදී යොමු විය.

    එයට අමතරව දැනට පවතින කොවිඩ් වසංගත අභියෝගය හමුවේ සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව කෝප් කමිටු රැස්වීම් පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි. ඒ අනුව ඉදිරි කෝප් කමිටු රැස්වීම් සඳහා ආයතන කැඳවීමේදි, අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයා, අදාල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයතනයේ සභාපතිවරයා, ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරින් 06 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් කමිටුව හමුවට කැඳවීමටත් අනෙකුත් අදාල නිලධාරීන් මාර්ග ගත ක්‍රමයට (On Line) සම්බන්ධ කර ගැනීමටත් කමිටු සමාජිකත්වයේ එකඟතාවය හිමි විය.

    මෙම රැස්වීමට කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ද, ඩී. වී චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, අනුර දිසානායක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, එස්.එම්.මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya