මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර අමාත්‍යාංශය යටතේ කාබනික ගොවිතැන නැංවීම සඳහා විශේෂ දායකත්වයක් සැපයීමට සූදානම් වන්න- පරිසර අමාත්‍ය

    ජූනි 21, 2021

    ජනාධිපතිතුමන්ගේ කාබනික වගා වැඩපිළීවෙළට සහයෝගය දක්වමින් පරිසරයෙන් වහා ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයක් යොදාගනිමින් අති ප්‍රබල ස්වාභාවික වල්නාශකයක් නිපදවීමට පරිසර අමාත්‍යාංශයෙන් වැඩ පිළිවෙළක්

     

    .අතිගරු ජනාධිපතිතුමන් විසින් ආරම්භ කර තිබෙන මෙරට කාබනික ගොවිතැනට පූර්ණ සහයෝගය පළ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනුව මෙරට සීග්‍ර යෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයක් යොදා ගනිමින් අති ප්‍රබල ස්වාභාවික වල් නාශකයක් නිපදවීමට පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමග රසායනික කෘමි නාහක හා වල් නාශක භාවිතය ද තහනම් කෙරෙන බැවින් වගාවේ වල් මර්දනයට සුදුසු වල් නාශකයක් නොමැතිවීම නිසා ගොවීන් අසීරුතාවයට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ වේ.

    ඒ නිසා පරිසර අමාත්‍යාංශය යටතේ කාබනික ගොවිතැන නැංවීම සඳහා විශේෂ දායකත්වයක් සැපයීමට සූදානම් වන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ට (17) උපදෙස් දුන්නේය.

    මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, තාක්ෂණික සේවා සමාගම, ඇතුලු බාහිර ආයතන රැසක නියෝජිතයෝ රැසක් සහභාගි වුහ.

    ජනාධීපතිතුමන් විසින් මෙරට වගාව සඳහා යොදා ගන්නා රසායනික පොහොර භාවිතය නැවැත්වීමට මෙන්ම ඒ වෙනුවට කාබනික වගාව හඳුන්වා දීමට ගන්නා ලද තීරණය ඓතිහාසික තීරණයක්. මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශයට පමණක් පවරා නිහඩව සිටීමට අනෙකුත් අමාත්‍යාංශවලට හැකියාවක් නෑ. එමනිසා පරිසර අමාත්‍යාංශය විදියට මෙම කටයුතු සඳහා මැදිහත් වීමට අපිට විශාල වගකීමක් ඇතැයි පරිසර අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    දැනට ගොවීහු රසායනික පොහොර ඉල්ලා විශාල ලෙස විරෝධතා දක්වමින් සිටිති. ජනාධීපතිතුමන් විසින් කාබනික වගාව සඳහා ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වන්නේ මෙවර මහ කන්නයේ සිටයි. එමනිසා මෙවර යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමේ අවශ්‍යතාවයක් පවතී.

    එම නිසා කාබනික වගාව සඳහා පරිසර අමාත්‍යාංශය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති සම්බන්ධව කරුණු මෙහි දී ඉදිරිපත් විය. ඒ අනුව දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයතන රැසක් එක්වී සිටින බැවින් පරිසර අමාත්‍යාංශය විසින් කාබනික වල් නාශකයක් හඳුන්වා දීමට මෙහිදී යෝජනා විය.

    ඒ අනුව අපේ රටේ පරිසරයට ඉතා හානිකර ලෙස ව්‍යාප්තවෙමින් තිබෙන ආක්‍රමණික ශාඛ වර්ග කිහිපයක් යොදාගෙන ඉතා සාර්ථක ස්වාභාවික වල් නාශකයක් නිපදවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව මෙම ආක්‍රමණික ශාඛ බහුල වශයෙන් පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා විය.

    රසායනික පොහොර සමග කෘමිනාශක හා වල්නාශක ද තහනම් කෙරෙන බැවින් තේ හා රබර් කර්මාන්තයේ දී මෙන්ම වී ගොවිතැනේ දී ද අවශ්‍ය තරම් මිනිස් ශ්‍රමය ලබා ගැනීමට ඇති අපහසුව නිසා ගොවීහු මෙන්ම වගා කරුවෝද දැඩි ගැටළුසහගත තත්ත්වයකට පත්ව සිටිති.

    එමනිසා ඊට විසඳුමක් වශයෙන් මෙම ආක්‍රමණික ශාඛ වර්ග යොදා ගනිමින් සාර්ථක වල් නාශකයක් නිපදවීමේ හැකියාවක් පවතී. එමෙන්ම එය සියයට සියයක්ම රසායනික භාවිතයෙන් ද තොර වේ. මේ සම්බන්ධ වැඩිදුර සාකච්ඡාවක් හෙට දින හම්බන්තොට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙම ආක්‍රමණික ශාඛ වහාම විනාශ කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශය විසින් නිර්දේශ කර තිබෙන ශාඛ විශේෂ වෙති. එමෙන්ම මෙවර මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya