මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් මෙම දිනවල ස්වයං සංචරණ සීමා ඇතිකරගත යුතුයි- වෙනත් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතුයි - විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර.

    ජූනි 16, 2021

     

     

    වැඩිහිටියන් මෙම දිනවල ස්වයං සංචරණ සීමා ඇතිකරගත යුතුයි- වෙනත් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතුයි - විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර.

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට තුළ සංචරණ සීමා දමා ඇති හෝ නැති අවස්ථාවන් වලදීද වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් මෙම දිනවල ස්වයං සංචරණ සීමා ඇතිකරගත යුතු බවත් වෙනත් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවද දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටි වෛද්‍ය ඒකකයේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් පිළිබදව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම දිනවල වැඩිහිටියන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය නිවෙස් අසලට පැමිණෙන ජංගම රථ වලින් ලබාගත හැකි බවද, එසේ නොමැතිනම් ඥාතීන්ගේ සහ දූදරුවන්ගේ උපකාර ඇතිව ඔවුන් මාර්ගයෙන් ලබාගනිමින් සංචරණය සීමා කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

    වැඩිහිටියන් හට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, අංශභාගය, පිළිකා, ශ්වසන රෝග මෙන්ම බෝ වන රෝග වන ඩෙංගු ආදී රෝගද පැවතිය හැකි නමුත් මෙම දිනවල දිවයිනේ ඇති කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ වැඩිහිටියන් ඔවුන් හට පවතින මෙම වෙනත් රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට මැළි වෙමින් එම රෝග සගවාගනිමින් කටයුතු කිරීමට ඇතැම්විට පෙළඹිය හැකි බවද, දූදරුවන් හා ඔවුන්ගේ ළගම ඥාතීන් විසින් වැඩිහිටියන්ගේ මෙම රෝගී තත්ත්වයන් සහ වෙනස්කම් හදුනාගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති දුරකතන අංක අමතා අදාල රෝහල් සායන මගින් බෙහෙත් ලබාගැනීමටත්, පවුලේ වෛද්‍යවරයා ඇමතීමෙන් ප්‍රතිකාර සදහා යොමු වීමට මෙන්ම ළගම ඇති රෝහල වෙත වැඩිහිටියා රැගෙනගොස් ප්‍රතිකාර ලබාදීමටත් කටයුතු කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

    එලෙස ක්‍රියා කිරීම මගින් වෙනත් රෝග හේතුවෙන් වැඩිහිටියන් අනිසි ලෙස නිවෙස් තුළ මිය යාම වළක්වාගත හැකි බවද ඔහු පැවසුවේය.

    සායන මගින් විවිධ වෙනත් රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා වැඩිහිටියන් මෙම දින වල අදාල දුරකතන අංක අමතා ඔවුන්ගේ බෙහෙත් නිවසටම ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.

    වැඩිහිටියන් කොරෝනා මර්දන එන්නත තවමත් ලබාගෙන නොමැති නම් ඔබ ප්‍රදේශයේ එන්නත ලබාදෙන දින වලදී අදාල ස්ථාන වලට ගොස් නොවරදවාම එන්නත ලබාගැනීමට කටයුතු කිරීම කළ යුතු බවද එය මෙම අවස්ථාවේදී කොරෝනා රෝගය සදහා ඇති හොදම විසදුමක් බවද ඔහු සිහිපත් කළේය.

    දූ දරුවන් අත්‍යවශ්‍ය සේවා වල නියැලෙමින් මෙම දින වල නිවසින් පිටතට යන්නේ නම් ඔවුන් නැවත නිවසට ඒමේදී වෛරසය රැගෙන ආ හැකි බැවින් වැඩිහිටියන් ඔවුන් සමග මීටරයේ පරතරය තබාගනිමින් ක්‍රියා කළ යුතු බවද, දුවා දරුවන්ද නිවෙස් වල සිටින වැඩිහිටියන් හට රෝගය තමන් නිසා බෝ නොවන අයුරින් නිවසින් පිටතට ගොස් පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පිරිසිදුවී නිවෙසට පැමිණීමට මෙන්ම වෛරසය නිවෙස තුළට රැගෙන නොඒමට කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

    වැඩිහිටියන් හට අත්‍යවශ්‍ය කරුණකට නිවසින් බැහැරට යාමට සිදු වුවහොත් මුඛ ආවරණ නිවැරදිව පැළදිය යුතු අතර, ඒවා නිරන්තරයෙන් ඇල්ලීම නොකළ යුතු අතර, නිරන්තරයෙන් දෑත් සේදීම සිදුකළ යුතු බවද, පිරිසිදුකාරක දියර භාවිතය, මුහුණු ආවරණය ඇල්ලීමෙන් වැළකීම එය නිතර උස්පහත් කිරීම, පහතට දමා කතා කිරීම මෙන්ම අත් වලින් මුහුණ ස්පර්ශ කිරීමද සිදුනොකළ යුතු බව අවධාරණය කරමින් විහේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් වැඩිහිටියන්ගේ මතක තබාගැනීමේ ප්‍රශ්න ඇති බැවින් හැසිරීම වෙනස් විය හැකි නිසා ඥාතීන් විසින් නිරන්තරයෙන් ඔවුන් ගැන අවධානයෙන් කටයුතු කරමින් ඔවුන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවයි.

    මෙම දින වල නිවසට වී සිටින වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සදහා හොදින් ජලය පානය, සමබල ආහාර වේලක් ලබාගැනීම මෙන්ම සායන වලින් යම් රෝගයක් සදහා බෙහෙත් ලබාගන්නේ නම් එම බෙහෙත් නිවැරදි ලෙස භාවිතා කිරීම සිදුකළ යුතු බවද ඔහු පැවසුවේය.

    වැඩිහිටි ඔබට ඔබේ දූ දරුවන්, මුණුබුරු මිණිබිරියන් සමග ගත කිරීමට මෙම කාලසීමාව හොද අවස්ථාවක් බවද, එබැවින් ඔබගේ දැනුම ඔවුන් සදග බෙදාහදා ගැනීමට මෙන්ම, ඔවුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගැනීමටද අමතක නොකරමින් ඔවුන්ට ආදරය කරුණාව ලබාදෙමින් සෞඛ්‍යාරක්ෂිතව ඔබ රෝගයෙන් ආරක්ෂා වෙමින් රෝගය ව්‍යාප්ත නොවන ලෙස කටයුතු කිරීම වැදගත් බවද වෛද්‍යවරයා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya