මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රෝහල වෙත සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

    ජූනි 16, 2021

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාවේ සාමාජිකයින් විසින් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාකාරීව තම දායකත්වය සපයන ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් හා කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘතියකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙතද සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා (13) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය තුළ සිදු කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    මෙම පරිත්‍යාග ලබා ගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ගයනි තිස්කුමාර මහත්මිය මූලිකත්වය ගෙන කටයුතු කළ බව චන්දන මහතා පැවසීය .මෙම පරිත්‍යාග අතරට පාදයෙන් ක්‍රියාත්මක කරන අත් සෝදන යන්ත්‍ර 06ක්, බෙහෙත් ඉසින යන්ත්‍ර 02ක්, රෝගීන් හතර දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් ලබා දීමේ හැකියාව සහිතව වැඩිදියුණු කරන ලද ඇඳන් 04ක්ද, හෘද රෝගීන් සඳහා හෘද රෝග හදුනා ගැනීමේ යන්ත්‍රද ලැබී ඇත.

    කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුළදී බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා වෙත සංකේතාත්මකව මෙම සෞඛ්‍ය උපකරණ ආධාර ලබා දීම විද්‍යාර්ථී සංගමයේ සභාපති ඉංජිනේරු ඩී.එම්.ඩී.වී. ජයම්පති මහතා විසින් සිදු කර ඇති අතර මෙම අවස්ථාව සඳහා වෛද්‍ය ජගත් කුමාර මල්වත්ත මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ගාමිණී දිසානායක මහතා, බන්ධනාගාර රෝහල් කාර්යය මණ්ඩලය සහ විද්‍යාර්ථී සංගමයේ සාමාජිකයින්ද සහභාගී වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya