මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර පහක් අඛණ්ඩ සේවාවක් සපුරා ඇති ජල සම්පාදන ස්ථිර නොවු සේවකයින් සඳහා සේවා ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක්

    ජූනි 16, 2021

    ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවයේ නිරතව සිටින අනියම්, කොන්ත්‍රාත්, මෑන්පවර් යන පදනම් යටතේ වසර පහකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව සේවයේ සිටින සේවකයින් සඳහා සේවා ස්ථිරත්වය ලබාදීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඉදිරි කාලයේ දී වඩා ප්‍රමුඛතාවක් දී කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යාංශයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම සේවකයින් සඳහා සේවා ස්ථිරත්වය ලබාදීම වෙනුවෙන් දැනට මණ්ඩලයේ පවතින සේවා පුරප්පාඩු සංඛ්‍යාව, ඒ අනුව සේවක හා වැටුප්
    කොමිෂන් සභාවේ අනුමැතිය මෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ද අප විසින් ලබාගත යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන අතර කිසිදු සේවකයෙකුට
    අසාධාරණයක් නොවන පරිදි මෙම සේවා ස්ථිරත්වය ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    වර්ෂ 2025 සැමට පානීය ජලය ලබාදීමේ යෝධ ක්‍රියාන්විතයේ දී දිවයින පුරා විවිධ වූ ව්‍යාපෘති අති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට අපට සිදුවී ඇත. එහිදී විශාල සේවක පිරිසකගේ
    සහභාගීත්වය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. එසේම අපගේ ඉදිරි සැලසුම් අනුව මෙම ව්‍යාපෘති වැඩි ප්‍රමාණයක් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් ඉටුකිරීමට අදහස් කරන නිසා එහිදී ද විශාල
    සේවක අවශ්‍යතාවක් පැන නඟින බැවින් අලුතින් සේවකයින් බඳවාගැනීමට ප්‍රථම වසර පහකට වඩා වැඩි සේවා කාලයක් හිමි සේවකයින් සඳහා වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට කටයුතු කරන
    බවද අමාත්‍යවරයා පැහැදිළි කළේ ය.

    මෙම දැවැන්ත ක්‍රියාන්විතයේ ඇති සුවිශේෂතාවය වන්නේ සැමට ජලය ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී නව ජල සම්බන්ධතා වැඩිවීම මත පිරිපහදු මධ්‍යස්ථාන, ජල තුලුමුව ස්ථාන,
    ජල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන, නඩත්තු කාර්යය මණ්ඩල හා පාරිභෝගික කටයුතු ආශ්‍රිත පිරිස් වැනි විවිධ අංශයන්ගේ සේවා වැඩිවීම මත අනිවාර්යයයෙන්ම ස්ථිර කාර්යය මණ්ඩලයන් හි
    වැඩිවීමේ අවශ්‍යතාවය ද දැඩිව පවතින බැවින් මෙම සේවා ස්ථීරත්වය ලබාදීම ගැටළුවක් නොවන බවට තමාගේ විශ්වාසය යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෑන්පවර් සේවා ක්‍රමය යටතේ සේවක අයිතීන් සහ සේවා සුරක්ෂිත භාවය පිළිබඳව ගැටළු රාශියක් පැන නැගී ඇති බැවින් මේ සම්බන්ධයෙන් මාගේ විශේෂ අවධානය සහ ප්‍රමුඛතාවය හිමිවන
    අතර ඉදිරියේ දී සේවා අවශ්‍යතාවය මත තාවකාලික බඳවාගැනීම් වලදී මණ්ඩලයට අනුබද්ධිත විධිමත් සේවා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි
    කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya