මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිණිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙහි ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම ඉවතට ගැනීම සඳහා වැඩපිළිවෙලක්

    ජූනි 15, 2021

    ගිණිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙහි පවතින ප්ලාස්ටික් සාගර පරිසරයට මුදා හැරීම මෙම නෞකාවෙන් සිදුවිය හැකි විශාලම හානිය බැවින් කළ යුතු වන්නේ හැකි ඉන්මනින් එම ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම ඉවතට ගැනීම බවත්, පරිසර අමාත්‍යංශය අනෙකුත් වගකිවයුතු ආයතන සමඟ ඒ සඳහා වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත්, මේ වන විට කන්ටේනර් 42ක් ඉවත් කර ඇති බවත්, පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඉකුත් දා ගිණිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් සිදුවූ හානිය හා ඒ සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(15දින) පැවති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පැවසුවේ, මෙම සාගරික පරිසරයෙන් ඉවත් කළ අපද්‍රව්‍ය විනාශ කිරීමකට ලක් නොකර ඒවා පරික්ෂා කිරීමට භාජනය කරන බවත්, මෙම අපද්‍රව්‍ය නීතිමය කටයුතු සඳහා සාක්ෂි ලෙස භාවිතා කරන බවත්ය.

    ගොඩබිමට පැමිණි අපද්‍රව්‍ය ඉවත් කර පවිත්‍ර කිරීම අතින් ඉතා ඉදිරියෙන් සිටින නමුත් තවත් බහාලුම් විශාල සංඛ්‍යාවක් මෙම නෞකාවෙහි තවදුරටත් පවතින බවත්, මේ අවස්ථාවේ සක්‍රීයව කටයුතු කිරීමේ නොහැකියාවක් පැවතුනද නුදුරේදී මෙම තිබෙන බහාලුම් ඉවතට ගැනීම කිරීම සිදු කෙරෙන බවත්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya