මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර අවසාන වන විට ජනගහණයෙන් 60%-70%ක ප්‍රමාණයකට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඉලක්කයයි

    ජූනි 15, 2021

    වසර අවසාන වන විට මෙරට ජනගහණයෙන් 60%-70%ක ප්‍රමාණයකට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඉලක්කය බවත් ඒ වෙනුවෙන් රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රජය බලාපොරොත්තු වූ අයුරින් මෙරටට කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට නොහැකි වූ බවත් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිතව තිබූ එන්නත් ප්‍රමාණය ලබා දීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානයට නොහැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා එය මුදල් ගෙවීමේ අඩුපාඩුවක් නොවන බවද පැහැදිළි කළේය.

    එහෙත් ඇතැම් පුද්ගලයන් මේ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය චෝදනා රජයට එල්ල කරන බව කී අමාත්‍යවරයා, කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරිපෙළ කටයුතු කරන ආරක්ෂක අංශයෙ ඇතුළු සියළු දෙනාටම මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවද කීය.

    85,000ක් පමණ වන පොලිස් නිලධාරින්ගෙන් අතැම් නිලධාරින්ට මෙම එන්නත ලබා දීමට නොහැකි වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියේ දී එම නිලධාරින්ට ද කොවිඩ් ඒන්නත ලබා දීමට කටයුතු කරන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya