අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ශ්‍රී ලංකාවට

    මැයි 27, 2021

    චීන රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඊයේ මධ්‍යම රාත්‍රියේදි ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL 869 දරන ගුවන්යානය මගින් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලට ගෙන එන ලදී.

     

    මෙම එන්නත් තොගය භාර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ මහත්මිය යන අමාත්‍යවරුන් ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා අතර චීන ශ්‍රී ලංකා එන්නත් වැඩපිලිවෙලට අදාල ගිවිසුම හුවමාරු කර ගැනීමද කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදුවිය. ‍

    මින් පෙරද චීන රජයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දීමට කටයුතු කර තිබුනි.

    මෙරටට ගෙන එන ලද සයිනොෆාම් එන්නත් තොගය ගුවන්තොටුපළේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් ගබඩා සංකීර්ණය වෙත ගෙන එන ඒමට කටයුතු කරන අතර ඉදිරි දිනවලදී බස්නාහිර පළාත ඇතුලුව ආසාදිතයන් බහුලව වාර්ථාවන දිස්ත්‍රික්ක වල සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙලට යොදාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ඩී.වී චානක, ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ගුවන් තොටුපල සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya